සුජිත් හේවාජුලිගේ
අරමුණු ඉටු නොකෙරෙන ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් රැසක් ඈවර කිරීමට හෝ වෙනත් අරමුදල් සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසීය.
අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු කමිටුවක් මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තාව පදනම් කරගෙන ඈවර කිරීම හෝ ඒකාබද්ධ කිරීම හෝ සිදු කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ඇතැම් අරමුදල් ඒවා පිහිටුවූ අරමුණුවලින් බැහැරව කටයුතු කරන ආකාරයක් පෙනී ගොස් ඇතැයි පැවසූ අනිල් ජයන්ත මහතා, මේ අන්දමින් කටයුතු කළ ‘ශ්‍රම වාසනා අරමුදල‘ ඈවර කෙරෙන බව ද ප්‍රකාශ කළේය. කම්කරු අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන එන මෙම අරමුදල 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත අනුව පිහිටුවනු ලැබූවකි. ශ්‍රම වාසනා අරමුදල මඟින් පසුගිය කාලයේදී පාසල් දරුවන්ට පාසල් බෑග් ඇතුළු උපකරණ ලබා දීම සඳහා ද රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇති බව එම කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය ඒකාග්‍රතාව වෙනුවෙන් රජය මෙම පියවර ගෙන ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd