උපුල් වික්‍රමසිංහ
යාවත්කාලීන කරන ලද අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව මෙම මස අග වන විට ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
යාවත්කාලීන කරන ලද ලැයිස්තුව ප්‍රදර්ශනය කරන දින සිට විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කිරීමට දින 10 ක කාලයක් ලබා දෙන බව එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර “ඉරිදා ලංකාදීප”යට පැවසීය.
වසර 2023 දී හඳුන්වා දුන් අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන අයගේ ලැයිස්තුව මෙසේ සමාලෝචනය කරන අතර, එහිදී මෙතෙක් පැවැති කාණ්ඩ හතර වෙනුවට දිළිඳු සහ අන්තදිළිඳු යන කාණ්ඩ දෙක යටතේ පමණක් මින් ඉදිරියට ප්‍රතිලාභීන් ලැයිස්තුගත කෙරේ.
ඉවත් වන කාණ්ඩ දෙක යටතේ සිටි අය සවිබලගැන්වීමට අදාළ වැඩසටහන් මේ වෙනවිටත් ක්‍රියාත්මක වන බව කී සභාපතිවරයා, ස්වයං රැකියා සඳහා යොමු කිරීම සිදුකරනු ලබන බවත්, ඔවුන්ට අසාධාරණයක් සිදු නොවන බවත්, ප්‍රකාශ කළේය.
එසේ යාවත්කාලීන කරන ලද ලැයිස්තුව යටතේ අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයට හිමිකම් කියන අයගේ පළමු වාරිකය සැප්තැම්බර් අගවන විට බැංකුගත කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd