නිලුකා කුමාරතුංග
ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් නිදන්ගත රෝගීන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
හැකි සෑම අවස්ථාවකදීම ශරීරය නිරාවරණය නොවන ඇඳුම් ඇඳීම, පුළුවන් තරම් හිස් ආවරණයක් පැලඳීම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැති එල් නිනෝ තත්ත්වයත් සමග ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහිදී ඇය මෙසේද පැවසුවාය.
”විශේෂයෙන් එළිමහනේ වැඩ කරන අය සැලකිලිමත් වෙන්න ඕනෑ. කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙන අය අඩුම තරමේ වෙහෙස නිවා ගන්න ආවරණයක් තිබෙන තැනක් සකස් කර ගැනීම වැදගත්. පුළුවන් තරම් මුළු ශරීරයම වැහෙන ඇඳුම් අඳින්න ඕනෑ. සම්පූර්ණයෙන්ම හිස් වැසුමක් හෝ හිස් ආවරණයක් පැලඳීම වැදගත්. විශේෂයෙන් පුළුවන් තරම් ජලය පානය කරන්න ඕනෑමයි. විජලනයෙන් ඉන්න එපා. එතකොට ක්ලාන්තය වගේ ඇවිල්ලා තත්ත්වය දරුණු වෙන්න පුළුවන්.
විශේෂයෙන් කුඩා ළමුන්, නිදන්ගත රෝගීන් මේ පිළිබඳ විශේෂ අවධානයට ලක් කරන්න ඕනෑ. පුළුවන් තරම් එළිමහනෙන් ආවරණය වී ඉන්න පුළුවන්නම් හොඳයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd