නිරෝෂණ කුමාර

උතුරු පළාතේ විහාරස්ථානවලට අයත් නොවන ඉඩම් නැවත තමන්ට ලබාදෙන ලෙස උතුරේ වැසියෝ ඉල්ලීමක් කරති. තිස් වසරක් පුරා පැවති යුද සමයේ බෞද්ධ සිද්ධස්ථානවලට අයත් නොවන ජනතාවගේ ඉඩම් අත්පත් කරගත්ත ද මෙතෙක් ඒවා නිදහස් කර නැතැයි උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් පැවසීය.

යුද සමයේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අවට ඇති ප්‍රදේශවාසීන්ගේ ඉඩම් මෙසේ අත්පත් කරගෙන ඇත්තේ ආරක්ෂක හේතූ මතය.

යුද්ධය නිමාවී වසර ගණනක් ගත වී ඇතත් එම ඉඩම් නැවත ජනතාවට ලබාදීමට කිසිදු රජයක් තවමත් ක්‍රියා නොකිරීම පිළිබඳ ව උතුරේ ජනතාව කනස්සල්ලෙන් පසුවන බවද හිටපු ප්‍රධාන ඇමතිවරයා “ඉරිදා ලංකාදීප”‍යට කීය.

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපනය සංචාරයේ දී ඒ පිළිබඳව අවධානය යොමු කළ බවද ඔහු පැවසීය.