IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


ජූනි අග එන ෆොන්සේකාගේ පොතෙන් රහස් රැසක් එලියට ෆොන්සේකා ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වෙන ලකුණු

ධම්මික ප්‍රේමරත්න 


ජෙනරාල් සරත් ෆොන්සේකා රචනා කළ නවතම කෘතිය මේ මස අගදී ජනගත කිරීමට සූදානම් වෙයි. ජනාධිපතිවරණයට මාස තුනක කාලයක් තිබියදී ජෙනරාල් ෆොන්සේකා එළිදක්වන මේ කෘතියේ අඩංගු ඇතැම් කරුණු එළැඹෙන ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මෙම කෘතිය මේ අවස්ථාවේ ජනගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන මැදහත් දේශපාලන විචාරකයෝ පවසති.

එසේම මෙම කෘතිය නිකුත් වීම නිසා ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ඇති ජනප්‍රසාදය තවදුරටත් වැඩිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කළේය. 
එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන තරගකරුවන් සියලු දෙනාට සියයට 5 -10 අතර ඡන්ද ප්‍රමාණයක අවශ්‍යතාව ඉතා තදින් දැනෙන හෙයින් ෆොන්සේකා සතු ඡන්ද බලය අතිශය තීරණාත්මක බව ඔහුගේ පාර්ශ්වයේ වැඩි දෙනෙකුගේ අදහස වී තිබේ. මේ නිසා ප්‍රධාන තරගකරුවන් තිදෙනාටම ෆොන්සේකා දිනා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බව ඔවුන්ගේ අදසයි. 
සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ සභාපතිවරයා වුවද ඔහු සහ පක්ෂය අතර මතගැටුම් නිර්මාණය වී තිබේ. ඔහු ආණ්ඩුව සමග එක්වෙන්නේ යැයි ප්‍රචාර පැතිර ගියද ඒ සඳහා ඔහුගේ සූදානමක් නොමැති බවද වාර්තාවේ. කෙසේ වුවද ෆොන්සේකා ජුනි මස අගදී එළිදක්වන කෘතිය 
සමග ඔහුගේ අවශ්‍යතාව බොහෝ පක්ෂවලට වැඩිවනු ඇතැයි 
විශ්වාස කෙරේ.

 



අදහස් (0)

ජූනි අග එන ෆොන්සේකාගේ පොතෙන් රහස් රැසක් එලියට ෆොන්සේකා ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

පුවත්

රාජ්‍ය ආයතන විස්සක දත්ත පද්ධති අක්‍රීයයි
2024 ජුනි මස 22 59 0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්ත්වයේ පවත


බදු පැහරහැරීම මුදල් විශුද්ධිකරණය වරදක් වන පනත් තුනක්
2024 ජුනි මස 21 60 0

බදු ගෙවීම පැහැර හැරීම මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් බවට පත් කිරීම හා මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි විමර්ශන කරන ආයතනවලට වැඩි බලතල පැවරීම ඇත


‘ලංකාදීප’ තන්තිරිමලේ ආලෝක පූජාව ජනපති අතින් විවෘත වෙයි
2024 ජුනි මස 21 32 0

සීමාසහිත විජය පුවත්පත් සමාගම 21 වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලය ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විජය පුවත්පත් සමාගමේ සභා


නීතිපතිට සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය නැවතත් ව්‍යවස්ථාදායක සභාවට යැවීමේ සූදානමක්
2024 ජුනි මස 21 13 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යව


ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙක් සජබට
2024 ජුනි මස 21 13 0

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග එක්වීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු එකඟතාව පළ කර ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්


සංවර්ධන නිලධාරීන්ගේ කඩඉම් විභාගයට උරුමය ඔප්පු ප්‍රදානය නිසා බාධා
2024 ජුනි මස 21 5 0

සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය මේ මස 30 වැනි දින පැවැත්වීමට නියමිතව තිබියදී උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළට මේ මස 26 වැනි දින ස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 151 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site