සුජිත් හේවාජුලිගේ
බන්ධනාගාර තුළ පවතින තදබදය සහ ඊට තුඩු දී ඇති ගැටලු විසඳීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් අනිද්දා (18) අඟහරුවාදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රධානීහු ද මෙසේ කැඳවූ පිරිසට ඇතුළත් වෙති.
බන්ධනාගාර ගැටලුවලට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් ලබාගැනීම සඳහා මෙම සාකච්ඡාව පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය. බන්ධනාගාරවල පවතින අධික තදබදය මෙම ගැටලු බොහොමයකට ප්‍රධාන හේතුව වී ඇති බැවින්, සාකච්ඡාවේදී ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙන බව ද කොමසාරිස්වරයා සඳහන් කළේය.
මෙම ගැටලු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මීට පෙර ද මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා සාකච්ඡා පවත්වා තිබේ.
මේ අතර, දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව ධාරිතාව මෙන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. බන්ධනාගාරවල රඳවා තැබිය හැකි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 11,000ක් වුවද, දැනට රඳවා සිටින සංඛ්‍යාව 40,000කට ආසන්න බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd