නිරෝෂාන් ප්‍රේමරත්න

වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් 31දා  දක්වා දීර්ඝ කර තිබේ. පසුගිය මැයි මස 16 වැනිදා සිට මාස 03ක කාලයක් සඳහා පනවන ලද මෙම 50%ක අධි භාරය අගෝස්තු 15 දායින් අවසන් වීමට නියමිතව තිබුණි. 

වාහන ආනයන බදු....
රටින් පිටතට යන ඩොලර් ප්‍රමාණය සීමා කර ගැනීමේ අරමුණින් 50%ක අධි භාරය පැණවීමට රජය විසින් මෙම බද්ද පනවනු ලැබුණි.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් මෙම නියමය පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් අදාළ නොවේ.