සුජිත් හේවාජුලිගේ
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
හිටපු ඇමති කාංචන විජේසේකරගෙන් 14 දා සිකුරාදා පැය පහකට වැඩි කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනුණු බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු ඇමතිණී පවිත්‍රා වන්නිආරච්චි ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ ඉකුත් (13) වැනිදාය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම එකසිය පනහකට ආසන්න පිරිසකගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එසේ ප්‍රකාශ සටහන් කර ගැනුණු පිරිසට හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු කීපදෙනෙක්ද ලක්විජය ගල්අඟුරු බලාගාරයේ සහ ගල්අඟුරු සමාගමේ ප්‍රධානීහුද ඇතුළත් වෙති.
මෙම කමිටුවේ වාර්තාව ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බව කොමිෂන් සභාවේ ලේකම් පී. වී. බන්දුලසේන පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සහභාපතිත්වයෙන් යුතු කොාමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන කටයුතු කරති.
බාල ගල්අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 223 කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි විගණන වාර්තාවේ සඳහන් විය. ඉකුත් 2009 වසරේ සිට මේ දක්වා ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම ජනාධිපති කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd