IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ආපදා මරණ 24 යි 259,990ක් දෙනා පීඩාවට

නිමල කොඩිතුවක්කු


ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 24 දක්වා වැඩිවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්ද, කළුතර  දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 04ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 02 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද වශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු  අතුරුදන් වී ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වයෙන් මේ වෙනවිට  දිස්ත්‍රික්ක 13 ක පවුල් 68857 කට අයත් පුද්ගලයන් 259990 ක් පීඩාවට පත්ව සිටිති.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 5247කට අර්ධ හානි සිදුව තවත් නිවාස 52කට පූර්ණ හානි සිදුව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙයට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 998 ක් සහ  වෙනත් ස්ථාන හයකට හානි සිදුව ඇති බවත් වාර්තා වේ.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු සහ ගං වතුර ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ආරක්ෂිත ස්ථාන 139ක පවුල් 2310 කට අයත් 9695 ක් දැනට රඳවා තබා ඇතැයිද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 15643 කට අයත් 62655 ක පිරිසක් පීඩාවට පත්ව සිටිති. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 13899 කට අයත් 52490 දෙනකුද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 672 කට අයත් 2974ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 432 කට අයත් 946 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15418 කට අයත් 56281 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 7553 කට අයත් 27887දෙනෙකුද, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 109කට අයත් 448 දෙනකුද පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙයට අමතරව,  ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 5714කට අයත් 21496ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 8796කට අයත් 32552ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 255 කට අයත් පුද්ගලයන් 927ක්,  කුරුණෑගල  දිස්ත්‍රික්කයේ පවුල් 133කට අයත් පුද්ගලයන් 499ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21 කට අයත් පුද්ගලයන් 76ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 212කට අයත්  පුද්ගලයන් 759ක්  ආදී වශයෙන්  පීඩාවට පත්ව සිටිති.
සමස්ත ආපදා තත්ත්වය දිවයිනේ  දිස්ත්‍රික්ක 23 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 251 කට බලපා ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
සහන මධ්‍යස්ථානවල සහ අවතැන්ව නිවෙස්වල සිටින ජනතාව සඳහා ආහාරපාන ඇතුළු අවශ්‍යතා සැපයීම රජයේ මැදිහත්වීමෙන් සිදුකළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. අවශ්‍ය සහන සැලසීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සියලු‍ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මැදිහත්වීමෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
යුද්ධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහායෙන් පුද්ගලයන් මුදා ගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සිදුකරන බවද ඔහු කීවේය.
දැනට සහන මධ්‍යස්ථානවල සිටින සියලු‍ම පුද්ගලයන් වෙත පිසූ ආහාර වේලක්, තුන් වේලටම ලබාදීමට කටයුතු කරගෙන යන බවත්,  මෙයට අමතරව නිවෙස්වල සිටින පිරිස් සඳහා ද ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  ලබාදෙන බවත් ඔහු  පැවසීය.
ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම සහන මධ්‍යස්ථාන භාරව කටයුතු කරන බවද, ලැබෙන තොරතුරු සහ අවශ්‍යතාව අනුව බෝට්ටු, බෆල් සහ බෝට්ටු යාමට අපහසු ස්ථාන සඳහා පාරු, ඔරු ආදී පහසුකම් අවශ්‍යතාව පරිදි  ත්‍රිවිධ හමුදාවෙන් සපයා ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
දැනට අවශ්‍ය සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 122ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදී ඇතැයිද අවශ්‍යතාව පරිදි සහන සැලසීම සඳහා මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට කටයුතු කරමින් යන බවද ඔහු කියා සිටියේය.
මේ අතර දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව ගංවතුර ක්‍රමයෙන් බැසයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු‍ ඔයේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර මට්ටම බැස ගියත් තවමත් බොහෝ ප්‍රදේශවල ගංවතුර පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසීය.
ගංවතුර ගැලීම තරම් වේගයෙන් බැසයාම සිදු නොවන බැවින් එම ප්‍රදේශවල පහත් බිම්හි සිටින ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.
ගංගා ද්‍රොණි ආශ්‍රිත පහළ ප්‍රදේශවල ඉහළ ජල මට්ටමක් පැවතියත් ගංවතුර අඩුවෙන දිශාවට ගමන් කරමින් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීවේය. ඉදිරියේදී වර්ෂාව තදින් ඇති වුවහොත් පමණක් ගංගා සහ ඇළදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය.
දිවයිනේ ප්‍රධාන ගංගා සහ  අතුගංගා ආදියේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමක පවතින බැවින් ඒවායේ ගමන් කිරීමෙන්, ඔරු පැදීමෙන් සහ දිය නෑමෙන් වැළකී සිටිය යුතු බවත් සුගීෂ්වර මහතා තවදුරටත් කීවේය.
මේ අතර දැනට පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සැප්තැම්බර් මාසය පමණ වෙන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළ යළි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත-මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
එවැනි තද වැසි ඇතිවෙන්නේ නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් ඇතිව අවදානම් නිවේදන නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදී පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක අඩු වීමක් පෙන්නුම් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් කීවේය.
මේ අතර ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට පැමිණීමෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පැවසීය.
ආපදා නිරීක්ෂණයට පැමිණීම, එහි ක්‍රීඩා කිරීම හා විනෝද වීම ආපදා මරණ සහ අනතුරු ඉහළ යාමේ හේතුවක් වී ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.

 

 



අදහස් (0)

ආපදා මරණ 24 යි 259,990ක් දෙනා පීඩාවට

ඔබේ අදහස් එවන්න

පුවත්

අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට
2024 ජුලි මස 27 6 0

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩි වෙනවිට මැතිවරණය පැවැත්වීම සඳහා වෙන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බව “ඉරිදා ලංකාදීප”ය කළ විමසීමකදී මැතිවරණ කොමසාර


ජනාධිපතිවරණය ගැන සජබ පක්ෂ නායක හමුවක්
2024 ජුලි මස 27 8 0

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක් ලබන බ්‍රහස්පතින්දා (1දා) පැවැත්වේ.


මැතිවරණ නිරීක්ෂණයට ජාජබ සැරසෙයි
2024 ජුලි මස 27 9 0

ජනධිපතිවරණයට අදාළ මැතිවරණ කාලයෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම් හා තොරතුරු ලබා ගැනීමේ මැතිවරණ නිරීක


තැපැල් පුරප්පාඩු නිසා ලියුම් බෙදීමට බාධා
2024 ජුලි මස 27 7 0

ලිපි බෙදන සේවකයන්ගේ හිඟය නිසා ජනාධිපතිවරණයට අදාළ ඡන්ද කාඩ්පත් නිවෙස්වලට බෙදාදෙන කාලයෙහිදී සාමාන්‍ය රාජකාරි නවතා දමා මැතිවරණයට අදාළ කටයුතු සිදුකරන


වැටුප් වල සැබෑ අගය පහළට - මහාචාර්ය වසන්ත අතුකෝරළ
2024 ජුලි මස 27 9 0

රාජ්‍ය අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද, අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය සියයට විස්සකින්ද 2020 - 2024 අත


2023 මුල් මාස දහයට මිනීමැරුම් 488 ක්
2024 ජුලි මස 27 12 0

පසුගිය 2023 වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන්වේ. මින් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site