ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන, මෙරට විශාලතම ජාතික AI වැඩසටහන වන ‘Sri Lanka AI Week 2026’ සැප්තැම්බර් 25 සිට 30 දක්වා පැවැත්වේ.
සැප්තැම්බර් 25 ‘AI හැකතෝන්’ / සැප්තැම්බර් 28 ‘AI ප්‍රමුඛයින්ගේ සැඳෑව’/ සැප්තැම්බර් 29 සහ 30 ‘AI සමුළුව සහ ප්‍රදර්ශනය’ / සැප්තැම්බර් 30 ‘ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල’
පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනයේ සහ සමුළුවේ සාර්ථකත්වය ඔස්සේ ඉදිරියට යමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL එක්ව, ‘AI Amplified’ යන තේමාව යටතේ ‘Sri Lanka AI Week 2026’ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ AI ඉලක්ක යථාර්ථයන් බවට කිරීමේ අරමුණින් සතියක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ Hackathon වැඩසටහනක් වන ‘AI Hackathon’, ප්‍රධාන දේශන සහ විද්වත් මණ්ඩල සාකච්ඡාවලින් සමන්විත ‘AI Conference’, නවීනතම AI නිපැයුම් ප්‍රදර්ශනය කෙරෙන ‘AI Exhibition’ සහ AI ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතා හා සහයෝගීත්වය වර්ධනය කරන ‘AI Leaders Night’ යන ප්‍රධාන වැඩසටහන් සමන්විත වනු ඇත.
ශ්‍රී ලංකාවේ AI ක්ෂේත්‍රයේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ රට තුළ සාර්ථක AI ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමට දායක වීම අරමුණු කරගත් මෙම වැඩසටහන් සමන්විත ‘Sri Lanka AI Week 2026’ වැඩසටහන සැප්තැම්බර් 25 සිට සැප්තැම්බර් 30 දක්වා පැවැත්වේ.
මෙහි සමාරම්භක වැඩසටහන වන ‘AI Hackathon’ සැප්තැම්බර් 25 දින SLT ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, ඉන් අනතුරුව ‘AI Leaders Night’ වැඩසටහන සැප්තැම්බර් 28 දින Cinnamon Life හිදී පැවැත්වීමට නියමිතය. ලොව AI ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සමාගම්වල ඉහළම විධායක නිලධාරීන් එක් වන ‘AI Leaders Night’ වැඩසටහන, ක්ෂේත්‍රය තුළ ඵලදායී වෘත්තීය හා පෞද්ගලික සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා අතිශයින් වැදගත් වනු ඇත.
‘AI Conference’ සහ ‘National AI Expo’ යන වැඩසටහන් සැප්තැම්බර් 29 සහ 30 යන දිනවල Monarch Imperial හිදී පැවැත්වීමට නියමිතය. මෙම දෙදින සමුළුවේදී AI ප්‍රතිපත්ති, ව්‍යාපාර පරිවර්තනය සහ නැගී එන තාක්ෂණයන් යනාදිය පිළිබඳව අවධානය යොමු කරමින් දේශන, විද්වත් මණ්ඩල සාකච්ඡා සහ වැඩමුළු කිහිපයක් පැවැත්වේ. ‘AI Expo’ ප්‍රදර්ශනයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම දෙනාට නොමිලේ සහභාගී විය හැකි අතර, ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් තුළ භාවිතා කළ හැකි ප්‍රායෝගික AI විසඳුම් එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
තවද මෙම වැඩසටන යටතේ පැවැත්වෙන ‘National AI Awards’ සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර 16 කට වැඩි සංඛ්‍යාවක AI සම්බන්ධ කැපීපෙනෙන ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීමට නියමිතය. ‘National AI Trailblazer’, ‘Industry & Sector Excellence’, ‘Innovation & Future-Focused’ සහ ‘AI Content Creator of the Year’ යන ප්‍රධාන කාණ්ඩ 4 යටතේ මෙම සම්මාන පිරිනැමේ. ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කරමින් ක්ෂේත්‍රයට සහ සමාජයට යහපත් බලපෑමක් සිදු කළ පුද්ගලයන්ට සහ ආයතනවලට මෙම සම්මාන හිමි වනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා aiexpo.lk වෙත පිවිසෙන්න. මානව හැකියාවන් වැඩිදියුණු කිරීමට, කර්මාන්ත පරිවර්තනය වේගවත් කිරීමට සහ ශ්‍රී ලංකාව ඩිජිටල් ප්‍රගතියේ මීළඟ අදියර කරා මෙහෙයවීමට AI තාක්ෂණය සතු හැකියාවන් අත්විඳින්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd