සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු සහ පැල් බදු ඉවත් කර දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් නව තීරු බදු ක්‍රමයක් හඳුන්වා දෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී ඉකුත් සිකුරාදා (11) පැවසීය.
එම බදු අදියර වශයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැන වුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම නිෂ්පාදනයන්ගේ ද පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට මෙසේ කටයුතු කරන බව සඳහන් කළේය.
කාණ්ඩ හතර යටතේ සියයට 0 සියයට 10 සියයට 20 හා සියයට 30 යටතේ නව තීරු බදු හඳුන්වා දීමටත් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සඳහා යොදාගන්නා භාණ්ඩවලට සියයට බින්දුව අනුපාතය යොදා ගැනීම මෙන්ම නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සහ තෝරාගත් භාණ්ඩවලට සියයට 30ක උපරිමයකට යටත්ව නව තීරු බදු පැනවීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd