චමෝදි සෙව්වන්දි
“එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා වූ නිවාස ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
මේ බව හෙළි වූයේ විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා හඳුන්වා දෙනු ලබන මෙම නිවාස ණය යෝජනා ක්‍රමය සක්‍රිය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් පසුගිය 10 වැනිදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී (SLBFE) පැවැති උත්සවයක දී ය.
එම ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර 10ක උපරිම කාලයක් හිමි වේ.
අදාළ ණය පොලී අනුපාතයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ප්‍රතිපූරණය කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ වෙනුවෙන් 2027 වර්ෂය සඳහා රුපියල් මිලියන 126ක මුදලක් වෙන්කර ඇත. සැලකිල්ලට ගැනෙන උපරිම වාර්ෂික පොලී අනුපාතය සියයට 15ක් වන අතර, සහභාගී වන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින් ණය අයැදුම්පත් යොමු කිරීමේ පහසුකම සලසා තිබේ. ශ්‍රමිකයන්ගේ ලියාපදිංචිය, විදේශ ප්‍රේෂණ සහ රැකියා තත්ත්වය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම සහනදායී ණය පහසුකම් පිරිනැමීමට නියමිතය.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd