මුලතිව් රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි මුලතිව් මුල්ලියාවලෙයි කොණ්ඩමඩු රක්ෂිතයේ මහාපරිමාණ දැව ජාවාරමක් සිදු කරමින් සිටි ස්ථානයක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ දැව තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය. 12 December 2018
ලක්ෂ 23 ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට යුද සමයේ සඟවා තිබූ රත්‍රං තොගයක් බව පවසා යාපනය ධනවත් ව්‍යාපාරිකයකු වෙත රන් ආලේපිත යකඩ තොගයක් ලබාදී රුපියල් ලක්ෂ 23 මුදලක් වංචා කළ පුද්ගලයකු අනුරාධපුරයේදී අද (12) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 12 December 2018
ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සහ හිස් පතරොමක් සමඟ පුද්ගලයකු රත්ගම මාමඩවිලදී අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය පවසයි. 12 December 2018
හොර නෝට්ටු හදන්න ගත් කඩදාසි සමඟ අයෙක් අත්අඩංගුවට පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගන්නා කඩදාසි 2495ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ නිවෙස් හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 12 December 2018
යාපනයේ සරසවි සිසු ගැටුමකින් තිදෙනෙක් රෝහලේ යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යාපන පොලිසිය පවසයි. 12 December 2018
ලක්ෂ 20ක මත්කුඩු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 20කට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 12 December 2018
ලොරියට යටවී සා. පෙළ සිසුවා මරුට පොළොන්නරුව-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල දී අද (12) අලුයම 4.00 ට පමණ ලොරි රථයක් නොනවත්වා ධාවනය කිරිමෙන් සිදුවු අනතුරකින් සාපෙළ සිසුවෙකු මිය ගිය බව පොලිසිය පවසයි. 12 December 2018
තෙප්පමකින් මසුන් අල්ලන්න ගිය ධීවරයෙක් මරුට තෙප්පමකින් තනිවම මසුන් මැරීමට ගොස් සිටි ධීවරයකු මුහුදට වැටී අසාධ්‍යව රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. 11 December 2018
පොලිස් නිලධාරියකු සපා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට බණ්ඩාරවෙල බිදුණුවැව අලුත්ගම ප්‍රදේශයේදී අද (11) හෙරොයින් ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු සපා කෑම හේතුවෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 11 December 2018
යටිනුවර ප්‍රා.සභාවේ අයවැය සම්මතයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි යටිනුවර ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති නිශාන්ත රූපස්සර මහතා සභා රැස්වීමට ඉදිරිපත් කළ අයවැය අද (11) සභා සම්මත විය. 11 December 2018
අකුරණ ප්‍රා.සබේ අයවැය සම්මතයි අකුරණ ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා වන අයවැය යෝජනා කෙටුම්පත අද (11) සවස විශේෂ මහ සභා රැස්වීමට එහි සභාපති අයි.එම්. ඉස්තිහාර් මහතා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 11 December 2018
මවගේ ඝාතනයට පුතා අත්අඩංගුවට නිවස පිටුපස වැසිකිළිය තුළ මිය ගොස් සිටි වියපත් කාන්තාවගේ මරණය ඝාතනයක් බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූ පසු ඇගේ පුතා අද (11) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි. 11 December 2018
ඉමදූව ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (11) සභා රැස්වීමට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 7 කින් සභා සම්මත විය. 11 December 2018
හොර කච්චේරියක් වටලා එහි හිමිකරු ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා එහි හිමිකරු හා ඔහුගෙන් ව්‍යාජ ජාතික හැදුනුම්පත් සකසා ගැනීමට පැමිණී තරුණයින් තිදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය පවසයි. 11 December 2018
පලුවද්දන ජල පිරිපහදු යන්ත්‍රය අක්‍රීයයි වකුගඩු රෝගය අවම කිරීමේ අරමුණින් ලක්ෂ 21ක මුදලක් වැයකර ඉදිකරන ලද ජල පිරිපහදු යන්ත්‍රය සහ ගොඩනැගිල්ල ඉදිකර වසරක් ගතවූවත් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක නැතැයි හිඟුරක්ගොඩ පලුවද්දන ගම්වාසීහු පවසති. 11 December 2018
බොරු සාක්කි දුන්නැයි සැකකාරියට ලිහිල් සිර දඬුවම් කුලියාපිටිය මහාධිකරණය හමුවේ විභාග වූ වයස අවුරුදු 11ක දැරියක් තමන්ව ලිංගික වශයෙන් අපයෝජනය කළ බවට අධිචෝදනා ගොනුකර තිබූ නඩුවක වින්ධිත දැරිය අධිකරණයට ලබාදුන් සාක්ෂි සාවද්‍ය බව පිළිගැනීමෙන් පසුව ඇයට මාස 6ක අනිවාර්ය ලිහිල් සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහඳගමගේ මහතා ඊට අමතරව රුපියල් දහසක දඩයක්ද නියම කළේය. 11 December 2018
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අලාභය ගැන තක්සේරු වාර්තාවක් උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය විමසන අවස්ථාවේ එහි හිටපු සභාපතිවරයාට පහරදීමේ සිදුවීමේදී සභාවේ දේපලවලට සිදු වූ අලාභය ගැන තක්සේරු වාර්තාවක් සකසා අද (11) පේරාදෙණිය පොලිසියට ලබා දුන් බව සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා පැවසීය. 11 December 2018
රුසියානු කාන්තාවක් මුහුදේ ගිලී මරුට අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි රුසියානු ජාතික වයෝවෘද්ධ කාන්තාවක් දියේ ගිලී මිය ගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි. 11 December 2018
කාන්තාවකගේ මළ සිරුරක් නිවසකින් හමුවේ බණ්ඩාරගම කොලමැදිරිය වෙන්දේසිවත්ත ප්‍රදේශයේ නිවසක හුදකලාව සිටි වියපත් අවිවාහක කාන්තාවක් නිවස තුළ සැකකටයුතු අන්දමින් මිය ගොස් සිටියදී අද(11) අලුයම සොයාගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 11 December 2018
රාජකාරියට ගිය නිලධරයාට කඩුවකින් පහරදීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ ඉදිකර තිබූ ලෑලි කඩයක් ඉවත්කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ සහ එම නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කළ පුද්ගලයෙක් අද (11) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 December 2018
ගාල්ලේ 19 වැනි ව්‍යවස්ථා පිටපත් සියල්ල අවසන් රටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිමත් සමඟ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබෙන රජයේ ප්‍රකාශන කාර්යාංශයේ තිබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පිටපත් සියල්ලම මේ වනවිට අවසන් වී තිබේ. 11 December 2018
ළිඳකට වැටී දරුවකු මරුට මුලතිව් කල්ලපාඩු හි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවකු මියගොස් ඇති බව මුලිතිව් පොලිසිය කියයි. 11 December 2018
හලාවත දිස්ත්‍රික් රෝහලේ ඖෂධ හිඟයෙන් රෝගීන් අමාරුවේ ගතවු මාස දෙකක් පමණ කාලයක පටන් හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ මතුවී ඇති ඖෂධ හිඟය හේතුකර ගෙන ප්‍රතිකාර ලබා ගැනීමට එන තමන් දැඩි දුෂ්කරතාවකට පත්වී ඇති බව රෝගීහු පවසති. 11 December 2018
යතුරුපැදි අනතුරකින් සිසුවෙක් මරුට රත්මල්ගහවැව හොරොව්පොතාන මාර්ගයේ පෙතියන්කඩ කුඹුරු යාය ආසන්නයේ දී 16 හැවිරිදි යතුරුපැදිකරුවෙකු විදුලි කණුවක ගැටී මියගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 11 December 2018
ගවයින් හොරෙන් ගෙන ගිය අයෙක් ගවයින් 14 ක් සමඟ අත්අඩංගුවට ගව ගාලකින් සොරකම් කරන ලද මී ගවයින් සහ එළ ගවයින් 14 දෙනෙක් බලපත්‍ර නොමැතිව හිංසාකාරී අන්දමින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට වෙඩි තබා එහි සිටි සැකකරුවෙක් අද (11) අලුයම අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි. 11 December 2018
හක්මන ප්‍රා. සභා මන්ත්‍රී ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තුන් දෙනෙකු විශේෂ අපරාධ විමර්ශන ඒකකය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 December 2018
මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුවේ කාන්තා සංවිධානය උද්ඝෝෂණයක කඩිනම් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාන්තා සංවිධානය කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක නිරත විය. 10 December 2018
ගැටළුවලට විසඳුම් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා ග්‍රාම නිලධාරින්ට බලපාන ගැටළුවලට ඉක්මනින් විසඳුම් ලබා නොදෙන්නේ නම් සියලු වෘත්තීය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය පවසයි. 10 December 2018
මාමා මැරීයැයි බෑනා සැකපිට අත්අඩංගුවට පොලුපහරකට ලක්ව බරපතල තුවාල ලබාසිටි 43 හැවිරිදි පුද්ගලයෙකු දියතලාව මූලික රෝහලේදී අද (10)සවස මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 10 December 2018
හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට කුකුල් පාලනය පිළිබඳ පුහුණුවක් පුනරුත්ථාපනය කර සමාජගත කරන ලද ත්‍රිකුණාමලය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන්ට කුකුල් පාලනය පිළිබඳව පුහුණුවක් සහ කුකුල් පැටවුන්, සත්ත්ව ආහාර හා ඖෂධ ලබාදීම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් අද (10) සිදුකෙරිණි. 10 December 2018
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026