(චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි යටිනුවර ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති නිශාන්ත රූපස්සර මහතා සභා රැස්වීමට ඉදිරිපත් කළ අයවැය අද (11) සභා සම්මත විය.
සභාපතිවරයා මංගල අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රුවන් මහතා ප්‍රකාශයක් කරමින් මෙම අයවැය සඳහා තමන් විරුද්ධවන බවත් එම නිසා ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.
මේ අනුව ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 38ක්ද ජනාතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය දීමෙන් වැළකි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd