සිතුම් චතුරංග
මුලතිව් කල්ලපාඩු හි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවකු මියගොස් ඇති බව මුලිතිව් පොලිසිය කියයි.
අසල්වැසි නිවසේ සිටි තවත් දරුවකු සමඟ මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස ළිඳට වැටී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් , කාල්පාඩු දකුණ ප්‍රදේශයේ පදිංචි රජින්දන් රද්ශන් (3) නැමති දරුවෙකි.
මියගිය දරුවාගේ පියා ධීවර රැකියාව සඳහා ගොස් ඇති අතර මව නිවස අසල වෙළෙඳසැළක් වෙත ගොස් සිටියදී මෙම අනතුර සිදු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd