(ඞී.කේ.රත්න)
බණ්ඩාරවෙල බිදුණුවැව අලුත්ගම ප‍්‍රදේශයේදී අද (11) හෙරොයින් ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු සපා කෑම හේතුවෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අලුත්ගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු හෙරොයින් අළෙවි කරන බවට බණ්ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරක් මත දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් එම ප‍්‍රදේශයට ගොස් මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමට යාමේදී පලායාමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේදී එම පුද්ගලයා අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී මෙසේ සපා කා තිබේ.
පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 2700ක් සොයා ගත් බව පොලිසිය කියයි.
බණ්ඩාරවෙල බිදුණුවැව අලුත්ගම ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd