අනීෂා මානගේ
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ ඉදිකර තිබූ ලෑලි කඩයක් ඉවත්කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ සහ එම නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කළ පුද්ගලයෙක් අද (11) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ තිබූ ලෑලි කඩයක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරින් හට එම කඩයේ අයිතිකරු නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කරමින් කඩුවකින් පහරදීමට තැත්කර තිබේ.
නිලධාරීන්ගේ දැනුම්දීමට අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ තංගල්ල විධායක ඉංජිනේරු එම්.ජී.ඩී ජීවනී මහත්මිය සහ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි අතර කඩහිමියා පොලිස් නිලධාරීන්ගේ ද රාජකාරී කටයුතුවලටද බාධා එල්ල කළේය.
පොලිස් නිලධාරින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තැත් කළ විට ඔහු නිලධාරින්ගේ ග්‍රහණයෙන් මිදී දිව ගිය ද ඔහු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වූහ. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පහර දීමට තැත්කළේ යැයි කියන කඩුව ද පොලිස් බාරයට ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd