IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජකාරියට ගිය නිලධරයාට කඩුවකින් පහරදීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට


 
අනීෂා මානගේ      

                                     
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ ඉදිකර තිබූ ලෑලි කඩයක් ඉවත්කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ සහ එම නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කළ පුද්ගලයෙක් අද (11) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. 


තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ තිබූ ලෑලි කඩයක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරින් හට එම කඩයේ අයිතිකරු නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කරමින් කඩුවකින් පහරදීමට තැත්කර තිබේ. 


නිලධාරීන්ගේ දැනුම්දීමට අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ තංගල්ල විධායක ඉංජිනේරු එම්.ජී.ඩී ජීවනී මහත්මිය සහ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි අතර කඩහිමියා පොලිස් නිලධාරීන්ගේ ද රාජකාරී කටයුතුවලටද බාධා එල්ල කළේය. 


පොලිස් නිලධාරින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තැත් කළ විට ඔහු නිලධාරින්ගේ ග්‍රහණයෙන් මිදී දිව ගිය ද ඔහු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වූහ. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පහර දීමට තැත්කළේ යැයි කියන කඩුව ද පොලිස් බාරයට ගැනිණි. 
  



අදහස් (0)

රාජකාරියට ගිය නිලධරයාට කඩුවකින් පහරදීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site