IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යාපනයේ සරසවි සිසු ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

රොමේෂ් මධුෂංඛ
 
යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යාපන පොලිසිය පවසයි.

යාපනය කන්දර්මඩම් ප්‍රදේශයේ දී යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් විසින් දෙවැනි වසරේ සිසුන් පිරිසකට ඊයේ (11) රාත්‍රී 10 ට පමණ නවකවදය දීමට යාමේදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සිව්වැනි වසරේ සිසුන් විසින් දෙවැනි වසරේ සිසුන් වෙතට පහර දී තිබේ.

එහිදී යාපනය රෝහලේ 24 වාට්ටුවට ඇතුළත් කර ඇති 23 හැවිරිදි තුෂාර ඒකනායක, අතුකෝරල සහ සුරවීර යන අය විසින් පොලීසියට පවසා ඇත්තේ තමන්ට සිව්වැනි වසරේ සිසුන් විසින් පොලු මුගුරුවලින් පහරදුන් බවයි.

මේ අනුව පහරකෑමට ලක් වූ සිසුන් විසින් පහර දුන් සිසුන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පොලීසියෙන් ඉල්ලා ඇති අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

යාපනයේ සරසවි සිසු ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site