(දයාරත්න ඇඹෝගම)
රත්මල්ගහවැව හොරොව්පොතාන මාර්ගයේ පෙතියන්කඩ කුඹුරු යාය ආසන්නයේ දී 16 හැවිරිදි යතුරුපැදිකරුවෙකු විදුලි කණුවක ගැටී මියගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රත්මල්ගහවැව ඇතාවැටුනවැව පදිංචිව සිටි විරසිංහගේ සචිත් චන්ද්‍ර විරසිංහ (16) හැවිරිදි පාසල් සිසුවෙකි.
මෙම මියගිය සිසුවා රත්මල්ගහවැව කඩමණ්ඩියට පැමිණ ආපසු නිවසට යමින් සිටියදී යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදිය විදුලි කණුවේ ගැටී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd