IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හලාවත දිස්ත්‍රික් රෝහලේ ඖෂධ හිඟයෙන් රෝගීන් අමාරුවේ


 
 
ඔගස්ටින් ප්‍රනාන්දු
           
ගතවු මාස දෙකක් පමණ කාලයක පටන් හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ මතුවී ඇති ඖෂධ හිඟය හේතුකර ගෙන ප්‍රතිකාර ලබා ගැනීමට එන තමන් දැඩි දුෂ්කරතාවකට පත්වී ඇති බව රෝගීහු පවසති.


බාහිර රෝගි ප්‍රතිකාර ඒකකයෙන් හා විවිධ වෛද්‍ය සායනයන් වෙත එන තමන් මෙම ඖෂධ හිඟයට මුහුණ පා ඇති බවත් ඔවුහු කියති. පුත්තලම දිසාවේ ප්‍රධානතම රෝහල වන මෙහි පාලනය කලින් වයඹ පළාත් සභාව යටතේ පැවැති නමුත් පසුව මෙම රෝහල මධ්‍යම රජයේ පාලනයට යටත්කර දිසාවේ මහ රෝහල බවට පත්කර ඇත. 


ඒ අනුව මෙහි සියලු ක්‍රියාකාරකම් මධ්‍යම රජයේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ  බලගැන්වේ.
විශේෂයෙන්ම මෙම රෝහලේ පැවැත්වෙන මාසික දියවැඩියා රෝග සායනයට ප්‍රතිකාර ලබා ගැනීමට එන  ‍රෝගින් පෙන්වා දෙන්නේ තමන් මේ වන විට මිල වැඩි ඖෂධ බාහිර පෞද්ගලික ෆාමසි වලින් මිලට ගැනීම පිණිස රෝහලෙන් නියම කරන බවයි. 


සායනයට එන වෛද්‍යවරුන් මෙහි දී  තමන්ට  දන්වා සිටිනුයේ ඖෂධ ලැබී නැහැ. කඩෙන් ගන්නැයි කියන බව රෝගීහු කියති.
විශේෂයෙන්ම දියවැඩියා රෝගින් ට නිකුත් කරන ඖෂධ හා ඉන්සියුලින් එන්ත නිසි ප්‍රමාණයට රෝහල නිකුත් නොකරන බවත් රෝගින් පෙන්වා දෙති . 


 දියවැඩියා සායනට ආණමඩුව බිංගිරිය දුම්මලසුරිය මාදම්පේ බිංගිරිය යන ප්‍රදේශවල සිට රෝගින් පැමිණෙන අතර මෙම ඖෂධ හිඟයෙන් බහුල වශයෙන් බැට කෑමට සිදුව ඇත්තේ තමන්ට බව අඩු ආදායම්ලාභි ‍පවුල්වල රෝගීහු පෙන්වා දෙති .


රෝහලේ ඖෂධ ගබඩාවේ මේ වන විට ඇති ඖෂධ සම්බන්ධයෙන් විමසා බැලීමේ දී අනාවරණය කර ගත හැකි වුයේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් මෙම රෝහලෙහි පවතින බවයි.


මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දී රෝහල් අධ්‍යක්ෂ ලලිත් පෝද්දල්ගොඩ මහතාගෙන් විමසු විට ඒ මහතා මෙසේ කීය.
මේ ගත වන්නේ වසරේ අවසන් දින කිහිපයයි. මෙම දිනවල හලාවත පමණක් නොවෙයි දිවයිනේ බහුතර රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව අප විසින් පිළිගත යුතුයි.

හලාවත රෝහලේ ඖෂධ හිඟයක් පවතින බව මේ දක්වා කිසිවකු මා වෙත දන්වා නැහැ. මම මේ සම්බන්ධයෙන් සොයා බලන්නම්. අනෙක් අතර අපේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට බෙහෙත් හිඟයක් ඇත්නම් එය බලපාන්නේ නැහැ. අපි හිඟ ඖෂධ මිලදී ගෙනත් නොඅඩුව රෝගින්ට නිකුත් කරනවා. මොනවා හරි ප්‍රශ්ණයක් ඇත්නම් රෝගීන් මා දැනුවත් කළා නම් සතුටු වනවා එවිට මට පුළුවන් ක්ෂණිකව විසදුම් ලබා දෙන්න . මම අවශ්‍ය පියවර ගන්නවා යැයි පැවසීය.



අදහස් (0)

හලාවත දිස්ත්‍රික් රෝහලේ ඖෂධ හිඟයෙන් රෝගීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site