IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාල්ලේ 19 වැනි ව්‍යවස්ථා පිටපත් සියල්ල අවසන්

ඩී.ජී.සුගතපාල
 
රටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිමත් සමඟ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබෙන රජයේ ප්‍රකාශන කාර්යංශයේ තිබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පිටපත් සියල්ලම මේ වනවිට අවසන් වී තිබේ.


පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරිමෙන් ඇතිවු ව්‍යවස්ථා අර්බුදයත් සමඟ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන්නට වීම නිසා එහි පිටපත් සියල්ලම අවසන් වී ඇත.‍

ප්‍රකාශන කාර්යංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ නීතිඥයින්, වෘත්තිකයින්, දේශපාලඥයින් මෙන්ම දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව පැමිණ 19 ව්‍යවස්ථා සංශෝධන පිටපත් මිලදී ගෙන ගිය බවයි.

දකුණු පළාතේ තිබෙන එකම රජයේ ප්‍රකාශන කාර්යංශය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති ප්‍රකාශන කාර්යංශය වන අතර දකුණු පළාතේ ඈත ගම්මානවලින් පවා මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන යාමට ගාල්ල ප්‍රකාශන කාර්යංශයට පැමිණෙන බවද එම ප්‍රකාශීකාව පැවසුවාය.



අදහස් (0)

ගාල්ලේ 19 වැනි ව්‍යවස්ථා පිටපත් සියල්ල අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31968 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14417 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11219 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 276 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site