(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි රුසියානු ජාතික වයෝවෘද්ධ කාන්තාවක් දියේ ගිලී මිය ගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ සෝයා ගිනයිට් නමැති 71 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව ඉකුත් 9වැනි දින මෙරට සංචාරයක් සඳහා පැමිණ මොරගොල්ල ප්‍රදේශයේ ආයුර්වේද හෝටලයක නවාතැන් ගෙන ඇති අතර ඊයේ(10) මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
අලුත්ගම පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd