නොච්චියාගම ගැමියෝ උද්ඝෝෂණයක් ඇගළුම් ආයතනයක් වසා දමන ලෙස ඉල්ලා නොච්චියාගම ගම්වාසීහු පිරිසක් අද (02) ඇගළුම් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. 02 July 2021
නීති විරෝධි ධීවර කටයුතුවල නියැලුන ධීවරයින් 442 ක් පසුගිය මාසයේදී අත්අඩංගුවට නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ධීවරයන් අත්අඩංගුවට ගැනීම සදහා නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් මේ දක්වා ධීවරයන් 442 ක් සමග ධීවර යාත්‍රා 153 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 02 July 2021
පුද්ගල සිරුරක අස්ථි හොරොව්පොතානේ කැලයකින් හමුවෙයි මීට වසර තුනකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ බවට සැකකරනු ලබන හිස් කබලක් සහ ඇටකටු කිහිපයක් හොරොව්පොතාන ඉහළ කුඹුගොල්ලෑව, මස් වැව රක්ෂිතයේදි අද (02) දහවල් සොයා ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 02 July 2021
මාළු දැලක පැටලී තිබු මළ සිරුරක් මහව වැවකින් හමුවෙයි මහව , කරඹේ කුලසැන්දෑව නමින් හඳුන්වන වැවේ එළන ලද මාළු දැලක පැටලි තිබූ පුද්ගල මළ සිරුරක් ගත් බව මහව පොලිසිය පවසයි . 02 July 2021
දේවස්ථානයක පිංකැට තුනක් කඩා මුදල් සොරකම් කරලා ගම්පහ , ඉදිගොල්ල දේවස්ථානයට ඇතුළුවූ සොරෙකු එහි තිබූ පිං කැට තුනක් කඩා මුදල් රැගෙන ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි. 02 July 2021
නව නිවාස ඉල්ලා වෑකන්දේ පිරිසක් උද්ඝෝෂණයක කොම්පඤ්ඤවීදිය ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයට අයත් මහල් නිවාස සහිත ගොඩනැඟිලි කිහිපයක් පදිංචියට නුසුදුසු අවදානම් තත්ත්වයේ පවතින බැවින් වහාම ඒවා කඩා ඉවත් කර තමන්ට සුදුසු පරිසරයක නව ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා එහි පිරිසක් නිවාස සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 02 July 2021
මධ්‍යම පළාතේත් ආදායම් බලපත් නිකුත් කිරීම අරඹයි කොව්ඩ් වෛරසය පැතිරීයාම් අවදනම මත තාවකාලික නවතා දමා තිබු මධ්‍යම පළාතේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි අද (01) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තුමේන්තු පවසයි. 01 July 2021
සබරගමුවේ ආදායම් බලපත් නිකුත් කිරිම අරඹයි සබරගමුව පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (01) සිට ආරම්භ කර ඇති බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කළාය . 01 July 2021
කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 70 වැඩි කොළඹ වැඩිහිටියන්ට ලබා දෙයි කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම අද (01) දහවල් කාලයේ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි. 01 July 2021
පොල්ගහවෙල කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොරෝනා අතරමැදි සත්කාරක මධ්‍යස්ථානයක් අද (01) දින පොල්ගහවෙලදී විවෘත කෙරිණි . 01 July 2021
සුදුහුම්පොල කොටසකට සංචරණ සීමා මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙල මැද පාර ගම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ . 01 July 2021
සූරියදමන වැව ඉස්මත්තේ නිධන් සෙවු 9 ක් අත්අඩංගුවට සුරියදමන වැව ඉස්මත්තේ පිහිටි ගල් තලාවක නිධන් සෙවීමේ කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මහවිලච්චිය පොලිසිය කියයි. 01 July 2021
බඹරු ඇන 5 ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය. 01 July 2021
අ‘පුර මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් තම රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලා අනුරාධපුර මහ නගර සභාවේ අනියම් සේවකයෝ අද (01) අනුරාධපුර නගර සභාව ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වුහ. 01 July 2021
කොත්මලේ ඩන්සින්න වත්තේ කොටසක් හුදෙකලා කරයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමට අයත් ඩන්සින්න ග්‍රාමසේවා වසමේ ඩන්සිනන් වත්ත මැද කොටස අද (01) උදැසන සිට හුදකලා කල බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය. 01 July 2021
අනවසරයෙන් වැලි බොරළු ප්‍රවාහනය කළ 6ක් අත්අඩංගුවට පල්ලම පහලයාය සහ පුලියන්කුලම ප්‍රදේශවල බලපත්‍ර උල්ලංඝනය කරමින් බොරලූ සහ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 06ක් සමග පුද්ගලයින් 06 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි. 01 July 2021
හෙද වර්ජනයෙන් ගම්පහ රෝහලේ වැඩ අඩාලයි රජයේ රෝහල්වල සියලුම හෙද නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (1) දිනයේ සේවාවන් සදහා නොපැමිණීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද රෝගී සත්කාරක කටයුතු අඩාලවී තිබූ ආකාරයක් දක්නට ලැබිණි. 01 July 2021
මදුරන්කුලියේ ඉඩමකින් මිනිස් අස්ථි සහ ගිනි අවියක් හමුවෙයි පුත්තලම කොළඹ මාර්ගය ආසන්නයේ මදුරන්කුලිය - සෙම්බැට්ටේ ප්‍රදේශයේ ඉඩමක තිබී හමුවී ඇති ඇට කටු සහ ගිනි අවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් ඒ.එස්.අසේල ද සිල්වා මහතා මුන්දලම පොලීසියට නියෝග කළේය. 30 June 2021
සිමෙන්ති ලොරියට ගල් ගැසූ දෙකක් අල්ලයි ආණමඩුව කොට්ටුකච්චියේදී සිමේන්ති ලොරි රථයකට ගල් ගැසු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 30 June 2021
සජබ සහ ජවිපෙ මොරටුවේ උද්ඝෝෂණයක් ඉහළ ගිය තෙල් මිල බඩු මිල පහළ දමන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එජාප නාගරික මන්ත්‍රිවරු මොරටුව මහ නගර සභාව ඉදිරිපිට අද(30) උද්ඝෝෂණයක නිරත වුහ. 30 June 2021
වල් අලි ඉඹුල්පේ වගා බිම් වනසති ඉඔුල්පේ කොස්ගම සහ වෙහෙරගොඩ ප්‍රදේශවලට පැමිණි වල් අලි රංචුවක් එම ප්‍රදේශයේ වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශයේ වගාකරුවෝ සදහන් කරති. 30 June 2021
වෙනිවැල්ගැට කිලෝ 196 ක් සමඟ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව නිති විරෝධි ලෙස වෙනිවැල් ගැට කිලෝ 196ක් ලොරියකින් රැගෙන යමින් පුද්ගලයෙකු පිටිගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 30 June 2021
කොටියාගල වතුකම්කරුවෝ සත්‍යග්‍රහයක බගවන්තලාව වැවිලි සමාගමට අයත් කොටියාගල තේ වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියට විරෝධය පාමින් අද (30) උදැසන එම තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 30 June 2021
කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදි සිදුකළ වැටලිමකදි කේරළ ගංජා කිලෝ 28 යි ග්රැම් 300 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 30 June 2021
වළකට වැටී දරුවෙක් මරුට තම ගෙවත්තේ කපා තිබු කුඩා වළකට වැටි අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය. 30 June 2021
පොහොර නැතැයි පනාමුරේ ගොවීහු පාරට බසිති යල් කන්නයේ පොහොර ලබාදෙන බවට ලදුපත් නිකුත් කර මාස දෙකක් ගතවී ඇතත් පොහොර ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ගොවීහු අද (29) පනාමුර ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ. 29 June 2021
නීති විරෝධිව ගෙන්වු සිගරට් සමඟ අයෙක් පොලිස් දැලේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවකු ඔසනගොඩ ප්‍රදේශයේ දී ගාල්ල පොලිසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ. 29 June 2021
අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට නවගත්තේගම , මලීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අලියෙකුගේ පහරදීමකින් මරණයට පත්වී ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි. 29 June 2021
ඝාතනය කර රෙදි කැබලිවලින් එතූ කාන්තා සිරුරක් හමුවෙයි තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර රෙදි කැබලි වලින් ඔතා තිබු කාන්තා මළ සිරුරක් අද(29) සොයාගත් බව පුඩළුඔය පොලිසිය පැවසිය. 29 June 2021
බුරු පොළක් වටලා 12 ක් අත්අඩංගුවට වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි. 29 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026