
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොම්පඤ්ඤවීදිය ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයට අයත් මහල් නිවාස සහිත ගොඩනැඟිලි කිහිපයක් පදිංචියට නුසුදුසු අවදානම් තත්ත්වයේ පවතින බැවින් වහාම ඒවා කඩා ඉවත් කර තමන්ට සුදුසු පරිසරයක නව ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා එහි පිරිසක් නිවාස සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඔවුනට පොරොන්දු වූ පරිදි කොළඹ නගරය ආශ්‍රිතව පහසුකම් සහිත නව නිවාස ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
කඩාවැටීමට පවා ආසන්න තත්ත්වයක තිබෙන මෙම ගොඩනැගිලිවල දැනට කුඩා දරු දැරියන් ද ඇතුළුව පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන බව ඔවුහු පෙන්වා දෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd