(ඩී.ජී.සුගතපාල)
බලපත්‍ර නොමැතිව නිති විරෝධි ලෙස වෙනිවැල් ගැට කිලෝ 196ක් ලොරියකින් රැගෙන යමින් පුද්ගලයෙකු පිටිගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සෙවණගල කිරිඉබ්බන්ආර පදිංචි පුද්ගලයෙකි.
මොහු විවිධ පළාත් වලට ගොස් සංචාරක වෙළඳාම් කරන අයෙකු වන අතර එසේ ගාල්ල මාපලගම ප්‍රදේශයට පැමිණ මෙම වෙනිවැල්ගැට තොගය ලොරියක පටවාගෙන යමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (30)ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd