
( එච්. චන්දන )
පුත්තලම කොළඹ මාර්ගය ආසන්නයේ මදුරන්කුලිය - සෙම්බැට්ටේ ප්‍රදේශයේ ඉඩමක තිබී හමුවී ඇති ඇට කටු සහ ගිනි අවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් ඒ.එස්.අසේල ද සිල්වා මහතා මුන්දලම පොලීසියට නියෝග කළේය.
මදුරන්කුලිය - සෙම්බැට්ටේ ප්‍රදේශයේ ඉඩමක ඇවිලී ගිය ගින්නක් නිවීම සදහා ගිය බව කියන පිරිසක් මෙම ඇට කටු සහ ගිනි අවිය දැක ඒ බව මුන්දලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.එම තොරතුර අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් විමර්ශණ කටයුතු සිදු කර ඇත.
අද(30 ) දහවල් ඇට කටු සහ ගිනි අවිය තිබූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කරන ලදි.
මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කලකට පෙර මිය ගොස් ඇති අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ ඇටකටු සහ 99 එම්.එම් වර්ගයේ විදෙස් රටක නිශ්පාදිත ස්වංයක්‍රීය ගිනි අවියක් එම ස්ථානයේ තිබී හමු වී ඇත.
පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදි.
හමුවී ඇති ඇට කටු පුත්තලම මූලික රෝහලේ අධිකණය වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර පශ්චාත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගන්නා ලෙසත් අවශ්‍ය වූ විට ඩි.එන් පරීක්ෂණය සදහා ගැනීමට අවශ්‍ය වුහොත් සුරක්ෂිතව තබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් මුන්දලම පොලීසියට නියෝග කරන කළේය.
හමුවී ඇති ගිනි අවිය හදුනා ගැනීම සදහා තව දුරටත් විමර්ශණ කටයුතු සිදු කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කරන ලදි.




2025 නොවැම්බර් මස 04
595
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මදුරන්කුලියේ ඉඩමකින් මිනිස් අස්ථි සහ ගිනි අවියක් හමුවෙයි