(නිහාල් ජයවීර )
මහව , කරඹේ කුලසැන්දෑව නමින් හඳුන්වන වැවේ එළන ලද මාළු දැලක පැටලි තිබූ පුද්ගල මළ සිරුරක් ගත් බව මහව පොලිසිය පවසයි .
මේ මළ සිරුර කරඹේ,කුලසැන්දෑව ගමේ පදිංචිව සිටි ආර් .එම් .සිසිර කුමාර රත්නායක නමැති හතළිස් දෙහැවිරිදි වියේ පසු වු දෙදරු පියාගේ බවට පරීක්ෂණවලදි හඳුනා ගත් බව පොලිසිය කියයි .
ඔහු ඉකුත් විසි නම වැනිදා ගවයන් බැදිමට යන බව නිවැසියන්ට පවසා පිටව ගොස් ඇති බවත්, එදින නිවසට නොපැමිණීම නිසා රාත්‍රී කාලයේත්, පසු දිනත් ඔහු ගැන සොයා බලා ඇති බවත් පොලිසිය කියයි .
මේ අතර කුලසැන්දෑව වැවේ එළා තිබූ මාළු දැලක පැටලි තිබූ පිරිමියෙකුගේ මළ සිරුරක් ඉකුත් තිස් වැනිදා රාත්‍රී ගම්මුන්ට දැක ගැනීමට ලැබි ඒ සම්බන්ධයෙන් කළ දැනුම් දීම සිරුර වැවෙන් ගොඩට ගත් බව පොලිසිය පවසයි .
ගල්ගමුව නැගෙනහිර දකුණු කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව් .එම් .රත්නායක මහතා ඉදිරියේ සිරුර ගොඩ ගෙන පරීක්ෂණ ආරම්භ කළ බවත් ඒ සිරුර යට කී දෙදරු පියාගේ බවට ඔහුගේ ඥාතීන් හඳුනා ගත් බව ද පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd