මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය. 17 September 2020
සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 16 September 2020
‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘ තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිවීම ගැන කණගාටු වන බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොලඹදී අද (15) පැවසීය. 15 September 2020
’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’ විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්රජාතන්ත්රවාදයත් දුර්වල කර ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යන 20 වන සංශෝධනයට සහය පළ කරමින් සිටින බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 03 September 2020
‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනතා අභිලාෂයන්ට පයින් ගසා ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද(24) පැවසීය. 24 August 2020
වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු රුපියල් එක් කෝටි හය ලක්ෂ හැත්තෑ දෙදහසක (ඇමෙරිකා ඩොලර් 58,000) වියදමක් දරමින් මෙරටට එවීමට ඔහු සේවය කළ සෞදියේ ගල්ෆ් වෙස්ට් පෞද්ගලික සමාගම කටයුතු කළ බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 23 August 2020
අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක් ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තිකයින් වෙනුවෙන් නිල රාජකාරී හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 31 July 2020
බංකොලොත් ආණ්ඩුවක් සමඟ ඩීල් දැමීමට එජාපයට කිසිදු අවශ්‍යතාවක් නැහැ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් දමා ඇති බවට ඡන්ද පදනමක් නැති ඇතැම් දේශපාලඥයන් චෝදනා කලත් බංකොලොත් ආණ්ඩුව එක්ක ඩීල් දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 31 July 2020
‘කොලේ වසා ජනතාව බිල්ලට දෙන මැතිවරණ පවත්වන්න එපා ‘ කොරෝනා වයිරසය පාලනය කර ඇති බවට රජය පැවසුවත් කොරෝනා හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරියගේ දිස්ත්‍රික්කයේ මැතිවරණ රැළියක් පැවැත්වීමටවත් විපක්ෂයට අවස්ථාවක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(21) පැවසීය. 21 July 2020
‘කොරෝනා පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට දුන්නොත් ලාභ උපයන ඉල්ලමක් වේවි‘ කොරෝනා පිළිබඳ වෛද්‍ය පරික්ෂණ සිදුකිරිමට පෞද්ගලික රෝහල් දෙකකට අවස්ථාව දී තිබෙනවා. රජයේ රසායනාගාර පරීක්ෂණ ආයතන අවශ්‍ය පරිදි සුදානම් නොකළ හොත් පුද්ගලික අංශය මෙය ලාභ උපයන ඉල්ලමක් බවට පත් කරගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා අද (15) පැවසීය. 15 March 2020
මහමැතිවරණය ගැන නිර්දේශ කිරීම සෞඛ්‍ය අංශවල වගකීමක් කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දේශපාලන භේදයකින් තොරව එක්සත්ව අවශ්‍ය සහාය දීමට සමගි ජනබලවේගය සූදානම් යැයි ද මහමැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන තීරණය ගතයුත්තේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව යැයි ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (13) කීය. 13 March 2020
‘රජය මහමැතිවරණයේදීත් වතුකම්කරුවන් රවටන්න සූදානම් වෙනවා’ ජනාධිපතිවරණයේදී වතු කම්කරුවන් රැවටූ වත්මන් රජය මහමැතිවරණයේදීද වතු ඔවුන් රැවටීමට සූදානම් වන බවත්, පොරොන්දු වූ රුපියල් 1000 වැටුප ජනවාරි මාසයේ සිට හිඟ වැටුප් සහිතව ගෙවන ලෙසට රජයට බලකර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කොළඹදී අද(27) පැවසීය. 27 February 2020
රාජ්‍ය නිලධාරීන්ගේ ආත්ම ගරුත්වයට හානි නොවන අයුරින් කටයුතු කරන්නැයි ඇමැතිවරුන්ට උපදෙස් රාජ්‍ය නිළධාරීන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකරයට කටයුතු කරන ලෙස අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට අවවාද කර ඇත. 13 February 2020
‘‘මහමැතිවරණයේදී තැබැරුම් හිමි පුද්ගලයන්ට අපේක්ෂකත්වය දෙන්න එපා‘‘ මහ මැතිවරණයේදී තැබැරුම් බලපත්‍ර හිමි කිසිවෙකුට අපේක්ෂකත්වය මෙන්ම ඡන්දයද ලබානොදෙන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමියෝ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ජනතාවගෙන් අද (10) ඉල්ලා සිටියහ. 10 February 2020
‘යුද්ධය නිමා කළ ජනපතිට නවකවදය නතර කිරිම ලොකු දෙයක් නොවේ’ තිස් වසරක් තිස්සේ ඇදෙමින් පැවැති මිනීමරු යුද්ධයක් නතර කරගන්නට හැකියාව තිබු ගෝඨාභය රාජපක්ෂ මහතාට නවකවදය නතර කිරීම එතරම් ලොකු දෙයක් නොවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. 10 February 2020
කපිල චන්ද්‍රසේනට දේශපාලන සහයක් ලැබුණේදැයි සොයාබලන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ බිරිඳට කිසියම් දේශපාලන හස්තයක සහයක් ලැබුණේ ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 09 February 2020
සේවය ස්ථිර කිරීමේ ගැටලුවට විසඳුම් දෙන්නැයි පරිපාලන ඇමැතිට ලිපියක් අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීමේදී පත්වීම් බලාත්මක වන දිනයේ වරදක් හේතුවෙන් මාස හතරක සේවා කාලයක් ඔවුන්ට අහිමිව ඇතැයි ද එය නිවැරැදි කර දෙන්නැයි ඉල්ලමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත. 06 February 2020
කන්තලේ දේශපාලන හයිකාරකම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී කන්තලේ බස් රථ අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් කුමාර මාධ්‍යවේදියාට තම රාජකාරිය ඉටු කිරීමට ඉඩ නොදී කළ තර්ජනය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 February 2020
‘‘ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට කරුණාවෙන් සලකන්න‘‘ ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකා අවශ්‍ය උපකාර කරන්නැයි කාරුණික හදවත් ඇති ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන අස්ගිරි නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති. 04 February 2020
‘කොරෝනා සුවකරන්න වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න’ කොරෝනා වයිරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 February 2020
‘‘සුරාබදු බලපත් හරහා අල්ලස් ගැනීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා‘‘ සුරාබදු බලපත් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට නගන අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 30 January 2020
‘19 අහෝසි කිරීමේ උත්සහයට සහය දෙන්නේ නෑ’ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුවේ සුදානමක් තිබෙන බවත් මේ උත්සහයට අපි සහය දෙන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 23 January 2020
මාධ්‍යවේදී ජයමාන්නට එල්ල වූ ප්‍රහාරයේදී පොලිසියට චෝදනාවක් මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතාට එල්ල වූ ප්‍රහාරය හෙළාදකින්නේ යැයි ද එම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 January 2020
කාර්යක්ෂම - විධිමත් රාජ්‍ය සේවයක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියාකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පැවැසීය. 19 January 2020
‘මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ විමර්ශන වලට බලපෑම් කළේ නෑ‘‘ මාවනැල්ලේ දී බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට තමා කිසිඳු අවස්ථාවක බලපෑම් එල්ල නොකළ බව ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (14) පැවසීය. 14 January 2020
ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මූල්‍යම ප්‍රදානයක් මේවසර තුළදී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96 ක ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය තීරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි. 14 January 2020
රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයකට සැරසෙති රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලුව පැරැණි ආණ්ඩුව මෙන්ම තොරොම්බල් කිරීමට අලුත් ආණ්ඩුව ද පියවර ගෙන ඇතැයි ද ඊට එරෙහිව ලබන 22 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 January 2020
බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන් ආණ්ඩුවට මාස දෙකක් යන්නත් කලින් වියත් මගත්, මහින්ද රාජපක්ෂ අගමැතිගේ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් නව ආණ්ඩුව තුළ තම තමන් නියෝජනය කරන කණ්ඩායම්වල බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12) පැවසීය. 12 January 2020
‘‘අල්ලස් ගන්නා නිලධාරීන් ගැන පියවර ගන්න‘‘ - ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න ජනතාවගෙන් අල්ලස් ලබාගන්නා , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳව සොයාබලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (09) උපදෙස් ලබා දුන්නේය. 09 January 2020
‘වත්මන් ආණ්ඩුව දේශපාලනඥයින්ගෙන් - ජනතාවගෙන් පළිගන්නවා’ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය මගින් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරද්දී වත්මන් ආණ්ඩුවට හැකිවී ඇත්තේ දේශපාලනඥයන්ගෙන් සහ ජනතාවගෙන් පළිගැනීමට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. 09 January 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025