IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන්

 

(මුදිතා දයානන්ද)

           

ආණ්ඩුවට මාස දෙකක් යන්නත් කලින් වියත් මගත්, මහින්ද රාජපක්ෂ  අගමැතිගේ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් නව ආණ්ඩුව තුළ තම තමන් නියෝජනය කරන කණ්ඩායම්වල බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12) පැවසීය.

           

ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.

 

එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

           

මේ මාසයේ 17 වෙනිදාට ආණ්ඩුවට මාස දෙකයි. ඔවුන් ලබපු ඡන්ද ප‍්‍රමාණයට, ඒ වෙනුවෙන් ජනතාවට දුන්න පොරොන්දු ප‍්‍රමාණයට අනුව සළකා බැලූවාම මේ කාලය තුළ කරපු දෙයක් නැහැ. ජීවන බර අඩුකරනවා කිව්වා, වැටුප්  ඒ කිසිවක් ඉටුකළේ නැහැ. මේ මාස දෙක තිස්සේම ඔවුන් සැලසුම් කළේ එක්සත් ජාතික පෙරමුණේ හිටපු මැති ඇමැතිවරු අත්අඩංගුවට ගන්නා ආකාරයයි. ඔවුන් හිරේ දාන ආකාරයයි.

           

වියත් මග තමයි අද ගෝඨාභ්‍ය රාජපක්ෂ ජනාධිපතිට උපදෙස් දෙන්නේ. හිටපු හමුදාපති, දැන් වරායේ සභාපති කියනවා අට පාස් එය පාර්ලිමේන්තුවට එවන්න එපා කියලා. එතුමා කාටද මේ කියන්නේ. ඒ ගැන අපිත් දැනගන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ඉන්න අටපාස් නැති අය කැබිනට් එකේ ඉන්න අටපාස් අය කවුද කියල අපිටත් දැනගන්න අවශ්‍යයි.

           

මේ ආණ්ඩුව බලයට ගෙනාපු වියත් මගේ අය මහමැතිවරණයේදි ඡන්දේ ඉල්ලන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කන්ඩායමත් තමන්ගේ බලය තහවුරු කරගන්න හදනවා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඊළග පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය හදාගන්නේ කෙසේද කියලා සැලසුම් කරමින් ඉන්නවා. දයාරත්නායක මහතා අටපාස් අය පාර්ලිමේන්තු එවන්න එපා කියන එකෙන් යම් ඉගියක් දෙන්නේ වියත් මගේ අය පාර්ලිමේන්තුවට එවන්න කියන එකයි. ඒ නිසා අද වැඩියෙන්ම අර්බුදයට පත්වෙලා තියෙන්නේ එජාපය නෙවෙයි ආණ්ඩුවයි. 



අදහස් (0)

බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site