IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘කොලේ වසා ජනතාව බිල්ලට දෙන මැතිවරණ පවත්වන්න එපා ‘

(නිමල කොඩිතුවක්කු)
 

කොරෝනා වයිරසය  පාලනය කර ඇති බවට රජය පැවසුවත් කොරෝනා හේතුවෙන්  සෞඛ්‍ය අමාත්‍යවරියගේ දිස්ත්‍රික්කයේ මැතිවරණ රැළියක් පැවැත්වීමටවත් විපක්ෂයට අවස්ථාවක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(21) පැවසීය.
 
කොලේ වසා ජනතාව බිල්ලට දෙමින් මැතිවරණ පවත්වනවා වෙනවට රටට සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
 සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේද කීවේය.
 
කුරුණෑගල නගරයේ පිහිටි තුන්වන බුවනෙකබාහු රජතුමාගේ රාජ මණ්ඩපය විනාශ කිරීම සමගි ජන බලවේගය විදියට අපි තරයේ හෙළා දකිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා නීතිය ක්‍රියාත්මක කරන බවට අගමැතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. තමන් දිස්ත්‍රික් නායකයා විදිහට කුරුණෑගල නගරාධිපති වරයාගේ මයිල් ගහකටවත් තුවාල වෙන්න දෙන්නෙ නෑ කියලා කියල අනික් පැත්තෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
 
අපි දන්න නීතිය අනුව පුරා වස්තුවක් විනාශ කිරීම සම්බන්ධයෙන්  නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔහු අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපි පොලිස්පතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමඟි තරුණ බලවේගය ලෙස මේ පිළිබඳ පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා.
 
කොරොන රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් රජය සජිත් ප්‍රේමදාස මහතාගේ පැල්මඩුල්ල රැස්වීම් අත්හිටුවලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරියත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් කොරෝනා   නැහැ කියලා කියනවා. කොරෝනා නැත්නම් ඇයි සෞඛ්‍ය අමාත්‍යවරිය සිටින දිස්ත්‍රික්කයේ  රැස්වීම් අත්හිටුවන්නේ කියලා අපි මේ රජයෙන් අහනවා.
 
 
කරුණාකර කොරෝනා රෝග ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තත්ත්වය රටට හෙළි කරන්න කියලා අපි මේ රජයට කියනවා.කොලේ වහලා මැතිවරණ පවත්වන්න ඕන නිසා ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්න එපා කියලා අපි කියනවා.
 
 
මේ ආණ්ඩුව පත් වෙලා මාස නමයක් ගතවෙලත් අදවන තෙක් ජනතාවට අවශ්‍ය පෝර ටික නැහැ. සල්ලි දීලා ගන්න වත් අද පෝර නැහැ. දුන් පොරොන්දු ඉටු කරන්න කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා.
               
               



අදහස් (0)

‘කොලේ වසා ජනතාව බිල්ලට දෙන මැතිවරණ පවත්වන්න එපා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site