IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘මහමැතිවරණයේදී තැබැරුම් හිමි පුද්ගලයන්ට අපේක්ෂකත්වය දෙන්න එපා‘‘

(මුදිතා දයානන්ද)

මහ මැතිවරණයේදී තැබැරුම් බලපත්‍ර හිමි කිසිවෙකුට අපේක්ෂකත්වය මෙන්ම ඡන්දයද ලබානොදෙන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමියෝ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ජනතාවගෙන් අද (10) ඉල්ලා සිටියහ.

මහානාහිමියෝ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මහනාහිමියෝ එහිදි මෙසේද පැවසූහ.

      ‘‘අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළේ 1912දී කොළඹ ආනන්ද විද්‍යාලයේදී. 1917- 18 වන විට ශාඛා සංවිධාන සීයකට වැඩිය පිහිටුවන්න හැකිවුණා. 1918 සිට 1928 දක්වා කාලය තුළ වනවිට ශාඛා රා තැබෑරුම් 3818ක් අරක්කු තැබෑරුම් 4113ක් වසා දමන තරමට එය ප‍්‍රබල බලපෑමක් කළා. අපි ඒ අතීතය ගැන සතුටු වෙන්න පුලූවන්.

වර්තමානයේ වසරකට දුම්පානයෙන් 220,000ක් පමණ මිය යනවා. මධ්‍යසාරයෙන් 18,000ක් පමණ මිය යනවා. අනෙතුත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් 2000ක් පමණ මිය යනවා.

වසරකට කෝටි දෙකහමාරක් පමණ දුම්වැටි හා මත්පැන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වැය කරනවා. ඉදිරියේදී තරුණ වැඩපිළිවෙළ, විහාරස්ථාන ආශ‍්‍රිතව වැඩසටහන්, වැඩිහිටියන් ආශ‍්‍රිත වැඩසටහන් ආදී ලෙස අපි වැඩසටහන් රැසක් දියත් කර මත් උවදුර පරාජය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මත්උවදුරෙන් මේ සමජය මුදවා ගැනීමේදී අමද්‍යප මහා සභාවට පැවරි ඇති කාර්ය භාරය ඉතා විශාලයි‘‘.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා) 



අදහස් (0)

‘‘මහමැතිවරණයේදී තැබැරුම් හිමි පුද්ගලයන්ට අපේක්ෂකත්වය දෙන්න එපා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site