(නාලක සංජීව දහනායක)
කොරෝනා වයිරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳව ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම වූහාන් නගරයේ සිට පැමිණෙන සියලූම සිසුන්ට අවශ්‍ය පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා කීය.
සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ කොරෝනා රෝග පරීක්‍ෂණය සඳහා රෝහලවල පහසුකම් හැකි උපරිමයෙන්ම පුළුල් කරන ලෙසය.
මෙම වෛරසය පැතිරයෑම වැළැක්වීමටත්, චීනයේ සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගනු ලැබූ ක‍්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටි අතර වත්මන් තත්ත්වයට මුහුණදෙමින් සංචාරක කර්මාන්තය ආරක්‍ෂා කරගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කළහ.
මෙම සාකච්ඡාව සදහා චමල් රාජපක්‍ෂ, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, පවිත‍්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් තොටුපළ සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘කොරෝනා සුවකරන්න වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න’