IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයකට සැරසෙති

(බිඟුන් මේනක ගමගේ) 

රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලුව පැරැණි ආණ්ඩුව මෙන්ම තොරොම්බල් කිරීමට අලුත් ආණ්ඩුව ද පියවර ගෙන ඇතැයි ද ඊට එරෙහිව ලබන 22 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උපාධිධාරීන් 54000කට ජනවාරි පළමුවැනිදා රැකියා දෙන බවට මැතිවරණ වේදිකාවේ පැවැසූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය තම ප්‍රතිපත්ති ප්‍රකාශයට ද ඇතුලත් කළ නමුත් අඩුම තරමින් සිය ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් හා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි සාකච්ඡා පවා මේ වනතෙක් තමන්ට ලැබී නැතැයි එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

මේ වනවිට මහමැතිවරණය ඉලක්ක කරමින් මාර්තු 1 වැනිදාට පෙර රැකියා ලබා දෙන බවට පොරොන්දු දීමටත් සිය කාර්යාලවලට උපාධිධාරින් ගෙන්වා අයැදුම්පත් පුරවමින් අනිසි බලපෑම් කිරීමටත් ආණ්ඩුවේ ඇමැතිවරු කටයුතු කරමින් සිටිතැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය චෝදනා කර ඇත.

මේ නිසාම අලුත් ආණ්ඩුවත් යන්නේ පරණ පාරේමදැයි සැකයක් හටගෙන ඇතැයි ද ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබේ නම් තමන්ට සාකච්ඡාවක් ලබා දී එය පෙන්වීමට තවමත් අවස්ථාව ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

පවතින දේශපාලන තත්ත්වය මත මාර්තු 2 වැනිදා වනවිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බැවින් ඊට ප්‍රථමයෙන් උපාධිධාරින්ට රැකියා දෙනු ඇතැයි සිතීමට තරම් තමන් මන්ද මානසිකයන් නොවන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.

උපාධිධාරින්ාගේ ප්‍රශ්නය ජනාධිපතිවරණ වේදිකාවේ සේල් වූ ආකාරයටම ඒ වේගයෙන්ම මේ ආණ්ඩුවට සිය ගැටලුව විසඳීමට බලපෑම් කලයුතු යැයි ද ඒ අනුව මාධ්‍ය සංදර්ශනවලට හසු නොවී සිය බලය ආණ්ඩුවට පෙන්වීමට ජනවාරි 22 වැනිදා රැකියා විරහිත උපාධිධාරින් කටයුතු කරනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  

 



අදහස් (0)

රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයකට සැරසෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site