IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මාධ්‍යවේදී ජයමාන්නට එල්ල වූ ප්‍රහාරයේදී පොලිසියට චෝදනාවක්

(බිඟුන් මේනක ගමගේ) 

මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතාට එල්ල වූ ප්‍රහාරය හෙළාදකින්නේ යැයි ද එම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජයමාන්න මහතාට මෙම පහරදීම සිදු වී ඇති මුන්දලම පොලිස් බල ප්‍රදේශයේදී මේ ආකාරයෙන්ම මීට මාසයකට පමණ පෙරදී ද මෙබඳුම ප්‍රහාරයක් එල්ල වී ඇති නමුත් එම අවස්ථාවේදී ද පොලිසිය සාධාරණ පරීක්ෂණයක් කර නැතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට වෙන්නප්පුව ප්‍රදේශයේ විධිමත් අවසරයකින් තොරව වෙල්යායක් ගොඩ කිරීම පිළිබඳ සිදුවීමක් වාර්තා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුවි ඇතැයි ද  මෙම වෙල්යායට තමාට හිමිකමක් ඇතැයි කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගෙන් එම ඉඩම පිරවීම බාර ගත් තවත් හිටපු වයඹ පළාත් සභා  මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු ඇතුඵ පිරිසක් තමාට පහර දුන් බව ජයමාන්න මහතා පවසන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

මහජනතාවට සත්‍ය  වාර්තා කිරීමේ වගකීමෙන් බැඳි සිටින වෘත්තීය මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ද මාධ්‍යවේදීන්ට හිංසනයෙන් තොරව සිය කටයුතුවල නියැලීමේ පරිසරය පවත්වා ගැනීම රජයේ වගකීමක්  යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (0)

මාධ්‍යවේදී ජයමාන්නට එල්ල වූ ප්‍රහාරයේදී පොලිසියට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site