IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බංකොලොත් ආණ්ඩුවක් සමඟ ඩීල් දැමීමට එජාපයට කිසිදු අවශ්‍යතාවක් නැහැ


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් දමා ඇති බවට ඡන්ද පදනමක් නැති ඇතැම්  දේශපාලඥයන් චෝදනා කලත්  බංකොලොත් ආණ්ඩුව එක්ක ඩීල් දැමීමට  එක්සත් ජාතික පක්ෂයට  කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
පක්ෂයේ  සියලුම වරදාන, වරප්‍රසාද සහ තනතුරු ලබාදී තිබියදීත්  පක්ෂය දෙකඩ කර   රාජපක්ෂලාට වාසි ලබාදුන්  එම කණ්ඩායම ආණ්ඩුව එක්ක ඩීල් දමා ඇති බවද  මහලේකම්වරයා සඳහන් කළේය.පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට අද(31) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීවේය.
 
    “මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළා. දැන් ඒ කමිටු වාර්තාව එළි දක්වලා සමාජයේ ඒ පිළිබඳ විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරව හිටපු අමාත්‍යවරයා විදිහට ඒවායේ තිබූ බොහෝ දූෂණ අක්‍රමිකතා වලක්වන්න මම පියවර ගත්තා. මධ්‍යම සංස්කෘතික අරමුදල මම බාර ගන්න විට එහි තිබුණේ රුපියල් කෝටි තිහක වත්කමක්. මම බාර දීලා යනකොට මේ අරමුදලේ රුපියල් කෝටි 450ක් ඉතුරු කරල ගියේ.
 
මේ අරමුදලේ මුදල්වලින් අපි දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය දිනාගන්න බොහෝ ස්ථාන සංරක්ෂණය කරලා සංවර්ධනය කළා. සීගිරියෙන් පමණක් අපි දවසකට රුපියල් කෝටියක් ඉක්මවපු ආදායමක් ලැබුවා. මේ මුදල් වලින් ඩොලර් ගිණුමක් විවෘත කරලා කරලා ඩොලර් 1, 50000 ඉතුරු කරන්නත් මට පුළුවන් වුණා.මධ්‍යම සංස්කෘතික අරමුදල ශක්තිමත් යන්නම් එම මුදල් යොදා ගනිමින් වෙහෙර විහාර දියුණු කරන්න අපි කටයුතු කළා. මම ආරම්භ කරපු සසුනෝදය අරමුදලින් එක දවසට පන්සල් 1500කට ලක්ෂ පහ බැගින් පිරිනැමුණා. අටමස්ථාන ඇතුළු මහා මහා විහාර සංවර්ධනය කරලා සංරක්ෂණය කලා. අපි මේ සියල්ලක් ම සිදු කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ අනුමැතිය සහිතවයි.
දැන් මේ අගමැතිවරයා පත් කරපු කමිටු වාර්තාවෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. ඒ එකකටවත් මට වගකියන්න බැහැ. මගේ කාලයේදී දූෂණ අක්‍රමිකතා වලක්වමින් විශාල වැඩ කොටසක් කිරීමට මට හැකි වුණා.මධ්‍යම සංස්කෘතික අරමුදලේ මේ වියදම් සම්බන්ධයෙන් දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අමාත්‍යංශ ලේකම්වරයෙක් මට කතා කරලා ලිපි ලේඛන වගේකට අත්සන් කරන්න කිව්වා. එම වගකීම් මට බාර ගන්න බැරි නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා.
දැන් ජනාධිපතිවරණයට දින කිහිපයක් තියෙන මේ මුදල් අනුමත කරගෙන තියෙනවා කියලත් ප්‍රකාශ වෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් කිසිදු මුදලක් සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් වියදම් සිදු වුණේ නැහැ. ඒ සියල්ල සිදුවුණේ වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයෙන්. අවිධිමත් කිසිම දෙයක් අපේ කාලයේ කරලා  නැහැ. මගේ කාර්යභාරයෙන් තොරව සිදු වෙලා තියෙන්නේ කිසිදු දෙයකට මට වගකියන්න බැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ අනුමැතියකින් තොරව  යම් ගණුදෙනුවක් සිදුවෙලා තිබෙනවනම් ඒ පිලිබඳ මේ විෂය බාරව කටයුතු කරපු සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් විමසිය යුතුයි. 
 
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය  අපි හිතුවටත් වැඩිය හොදට ඉදිරියට ඇවිත් තියෙනවා. එක්සත් ජාතික  පක්ෂයට ආදරය කරන අපේ පක්ෂයෙන් මේ රටට ලබාදුන් බොහෝ දේවල් අගය කරන  බොහෝ පිරිසක් අපේ පක්ෂයට ඡන්දය ලබාදේවී කියා අපි විශ්වාස කරනවා. අපි දැන්  මේ වනවිට පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා  තියෙනවා. ඉදිරි කටයුතුත් ක්‍රියාත්මක වෙනවා.  දැන් ඒක අධිකරණයත් අනුමත කරලා තියෙනවා.
 
දැන් මේ බංකොලොත් දේශපාලඥයො  කියාගෙන යනවා අපි ආණ්ඩුව එක්ක ඩීල්  කිය කිය. මේ  බංකොලොත් ආණ්ඩුව එක්ක ඩීල් දාන්න එක්සත් ජාතික පක්ෂයට  කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා  මහලේකම්වරයා විදියට මම වගකීමෙන් කියනවා. තිරණය වන්නේ  අපි සියලුම දේවල් දීලා විශාල කැපකිරීම් කරලා මේ පක්ෂය එකට එකතුවෙලා යමු කියලා කිව්වහමත්  පක්ෂය කඩලා  රාජපක්ෂලාට වාසි අරන් දීපු  අය තමයි රාජපක්ෂලත් එක්ක ඩීල් එක දාලා තියෙන්නේ කියලා ජනතාවට අද පැහැදිලි වෙලා තියෙනවා” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (0)

බංකොලොත් ආණ්ඩුවක් සමඟ ඩීල් දැමීමට එජාපයට කිසිදු අවශ්‍යතාවක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site