(නාලක සංජීව දහනායක)
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියාකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (19) පැවැසීය.
මහජනතාව දහඩිය මහන්සියෙන් උපයනු ලබන මුදලින් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවන බව කී ජනාධිපතිවරයා එබැවින් කාර්යක්‍ෂම හා විධිමත් රාජ්‍ය සේවයක් ලබාදෙමින් මහජනතාවට සාධාරණය ඉටු කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීම වියයුතු යැයිද කීය.
දිවයින පුරා සිටින රැකියා අපේක්‍ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයම අවඥාවට ලක්ව ඇති බවද පෙන්වා දුන්නේය.
රැකියා අපේක්‍ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත්කරන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳව තොරතුරු රැස්කර පුරප්පාඩු සඳහා කඩිනමින් උපාධිධාරීන් බඳවා ගන්නා බවද සඳහන් කළේය.
සියලුම රැකියා ලාභීන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳව විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදෙමින් ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් හා රාජ්‍ය සේවකයෙක් බිහිකර ගැනීම තම අරමුණ බවද ජනාධිපතිවරයා එහිදී පැවැසීය.
රටක ඉදිරි ගමනට ඇති විශාලම ශක්තිය මානව සම්පත බව කී ජනාධිපතිවරයා මෙරට බුද්ධිමත් තාරුණ්‍යය නිසි ලෙස කළමණාකරණය කරගනිමින් ආර්ථික වර්ධනයට දායක කරගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
සෙසු රටවලට සාපේක්‍ෂව ශක්තිමත් පදනමක් සහිත කර්මාන්ත මෙරට ගොඩනැගී නැති බවත් රටට විදේශ විනිමය උපයාදෙන ප්‍රධානතම සාධකය බවට නුපුහුණු ශ්‍රමිකයන් පත්ව තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අනාගතයේදී මෙරට සියලුම දරුවන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් සැළසුම් කෙරෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
එමෙන්ම ලොව සෙසු රටවල රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතු බව කී ජනාධිපතිවරයා තරුණ තරුණියන් රුකියා සොයා යනවා වෙනුවට රුකියා අවස්ථා තරුණ තරුණියන් සොයා එන අධ්‍යාපන රටාවක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවද සඳහන් කළේය.
ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, කංචන විජේසේකර, කනක හේරත් යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, නිරෝෂන් ප්‍රේමරත්න, ඩී.වී චානක, තේනුක විදානගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාර්යක්‍ෂම - විධිමත් රාජ්‍ය සේවයක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක්