ශ්රීලනිපය අද වැඩ කරන්නේ එජාපයේ පදයට ‘‘අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තියෙන්නේ අපේ ළඟ‘‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතලේ දී පෙරේදා පැවසීය. 28 April 2017
බෞද්ධ අබෞද්ධ සැම වෙසක් දිනය සමරා ලොවට හොඳ පණිවුඩයක් දෙමු ‘‘බෞද්ධ සහ බෞද්ධ නොවන සියලූ ශ්‍රී ලාංකිකයන් එක්ව ජාත්‍යන්තර වෙසක් දිනය මෙරටදී සමරා ශ්‍රී ලංකාව පිළිබඳව ලොවට හොඳ පණිවුඩයක් දෙමු යැයි’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පෙරේදා (24) පැවැසීය. 26 April 2017
කුණු කළමනාකරණයට රට ගිය නිලධාරින් ගැන වාර්තාවක් දෙන්න කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 5 තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට ඊයේ (25) නියෝග කළේය. 26 April 2017
දැන් තියෙන්නෙ යූ.ඇන්.පී. ආණ්ඩුවක් ඉකුත් මාර්තු මස හත් වෙනි දින පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා වූ පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් අත්සන් නොකිරීම ගැන සතුටට පත්වන බවත් මෙම පනත ජනතාවට නොතේරුණද මෙය භයානක පනතක් සේම රණවිරුවන් මහත් බන්ධනයකට ඇතුළත්වීමක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ, උඩුගම්පොල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදී පෙරේදා පැවැසීය. 24 April 2017
කුඩා ජල විදුලි බලාගාරවලට බලපත් දීමේදී නවීන තාක්ෂණය යොදා ගත යුතුයි කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී නවීන තාක්ෂණය ඒ සඳහා උපයෝගී කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (20) ප්‍රකාශ කළේය. 24 April 2017
ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ “මීතොටමුල්ල වැනි ඛේදවාචක නැවත ඇති නොවන්න කටයුතු කිරීම අපේ වගකීමයි. ජපානයත් සමඟ කසළ කළමනාකරණය පිළිබඳ වැඩපිළිවෙළකට යන්න අප සූදානම්. දැනටමත් ජපන් විශේෂඥ කණ්ඩායම මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳ පර්යේෂණ ආරම්භකර තිබෙනවා” 24 April 2017
කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න පිබිදෙමු පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කෙරෙන පොලොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම සකස් කොට කි‍්‍රයාත්මක කෙරෙන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන තිබෙන ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. 21 April 2017
මීතොටමුල්ලේ විපතට පත්වූවන්ට උපරිම සහන දෙන්න මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩාවැටීමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන ලෙසත්, එහිදී මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 17 April 2017
කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට හැදූ සැලසුම ක්‍රියාත්මක කරමින් තිබියදී... මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට සැකැසූ සැලසුම ක්‍රියාත්මක කරමින් තිබියදී යැයිද නොසිතූ විපතකට මුහුණ දුන් ප්‍රදේශවාසී ජනතාවට තම කනගාටුව ප්‍රකාශ කරන්නේ යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී. 17 April 2017
‘බදු දැලෙන් රිංගා යන විශාල පිරිසක් රට තුළ සිටිනවා‘ ජාතික ආර්ථිකයට රුධිරය සපයන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ 16 වැනි සම්මේලනයේදී ඊයේ (6) පැවැසීය. 07 April 2017
‘ලොව ඕනෑම රටක තරුණ පරපුරට ඉදිරියට යෑමට තිබෙන ප්‍රධානතම මාර්ගය අධ්‍යාපනයයිි‘ ‘‘ලොව ඕනෑම රටක තරුණ ශිෂ්‍ය පරපුරට ඉදිරියට යෑමට තිබෙන ප්‍රධානතම මාර්ගය අධ්‍යාපනය’’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කළේය. 07 April 2017
’රටේ ගිනි නිවන්න නම් අපි කවුරුත් එක් විය යුතුයි’ ”රනිල් වික්‍රමසිංහ යනු තාන්නxමාන්න, නිලතල ලැබීම මෙන්ම එහි දුක්බර ස්වභාවය හොඳින්ම විඳගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු යැයි” කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ කොළඹදී පැවැසූහ. 06 April 2017
රාජපක්ෂ රෙජිමයට සුවකළ නොහැකිවූ ලෙඩ 2 ක් ජාතික රජයෙන් සුවපත් කළා ‘‘රාජපක්ෂ රෙජිමයට සුව කරන්න නොහැකි වූ රාජපක්ෂලා විසින්ම ඇති කළ ලෙඩ දෙකම ජාතික රජය සුවපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිරිබත්ගොඩ දී පැවසීය. 05 April 2017
වෛද්‍ය - හෙද - පරිපූරක වෛද්‍ය ක්ෂේත්රවල වෘත්තික හිඟය නිදහස් සෞඛ්‍ය සේවයේ ප්රබලතම හා ශක්තිමත් ප්‍රවාහයක් වන හෙද සේවය ගැන සමස්ත මානව සමාජයේම විශාල ගෞරවයක් හා පිළිගැනීමක් පවතින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සම්මේලනයේදී පැවැසීය. 05 April 2017
පක්ෂය බාරදී මට ගහන්නේ මා දුප්පත් පවුලකින් පැමිණි නිසාද? වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව දුන් පණිවිඩය ඊට මාහැඟි ශක්තියක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (2) පැවසීය. 04 April 2017
දැන් කරන්නේ රටම විකුණා දැමීමය අනාගත පරපුරට රටේ සම්පත් ඉතිරි කර යෑම මිස එය විකිණීම පාලකයකුගේ වගකීම නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 2 වැනිදා පැවසීය. 04 April 2017
අපේ පරපුර තරුණසමයේ නොදුටු සාමය-සංහිඳියාව-සංවර්ධනය වත්මන් තරුණයන්ට උරුම කර දෙනවා “තම පරපුර තරුණ කාලයේ නොදුටු සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වත්මන් තාරුණ්‍යයට උරුම කර දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (01) ත්‍රිකුණාමලයේදී පැවැසීය. 03 April 2017
තරුණයන් දේශපාලකයන් පසුපස නොයවන ස්වාධීනව නැඟී සිටිය හැකි රටක් බිහිකරනවා “දේශපාලකයන්ගේ පසුපස නොයා තාරුණයයට ස්වාධීනව නැගී සිටිය හැකි රටක් නිර්මාණයකරන බව” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලයේදී පෙරේදා (1) පැවැසීය. 03 April 2017
පිරිවෙන් අඩුපාඩු කඩිනමින් විසඳන්න ජනපතිගෙන් උපදෙස් දිවයින පුරා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සියලූම ඩෙස් පුටු ආදී පහසුකම් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට ඊයේ (30) උපදෙස් දුන්නේය. 31 March 2017
රාජපක්ෂ යුගයේ ගත් ඩොලර් කෝටි 3600 ණය ගෙවා රට සංවර්ධනයට පදනම දමලා රාජපක්ෂ යුගයෙන් රටට උරුම වූ ඩොලර් කෝටි 3600ක ණය කන්දක් ගෙවා දමා සංවර්ධනයක් ඇති කිරීමේ පදනම යහපාලන රජය විසින් දමා අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොඩකවෙලදී ඊයේ (30) පැවැසීය. 31 March 2017
‘ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදන ‘හබ්‘ එක ශ්‍රී ලංකාවයි‘ ‘‘අද ශ්‍රී ලංකාව ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදන ‘හබ්’ එක බවට පත්වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය එන්නෙ සුළුවෙන් නොවෙයි නැව් පිටින්’’ යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා බෙලිඅත්තේ ‘‘ප්රඥාසාගර’’ පිරිවෙන් විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. 31 March 2017
අපේ පාලන කාලයේ රටේ දේපළ වැඩිකළා ආණ්ඩුව රටේ දේපළ විකුණගෙන කන තත්ත්වයට වැටිලා තිබෙනවා. අපේ කාලයේ එහෙම කළේ නෑ. 30 March 2017
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි ශ්‍රී ලංකාව බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා නැගෙන විවේචන තමන් ප්‍රතික්ෂේප කරන බවත්, රජය සෑම විටම මධ්‍යස්ථ විදේශ ප්රතිපත්තියක සිටිමින් ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම මිත්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 March 2017
සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ශ්‍රී ලාංකිකයන් කළේ ඞී.එස්. අගමැතිතුමයි ”බි්රතාන්ය කිරීටයේ යටත් වැසියන් බවට බෙදී සිටි මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකිකයන් බවට පත් කළේ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පෙරේදා (22) වැනිදා පැවැසීය. 24 March 2017
‘දැන්නම් ජනතාවට හොඳටම වෙනස පේනවා‘ ”අපි ආණ්ඩුව භාරදෙන විට අමාත්‍යාංශවල මුදල් අවශ්‍ය තරම් තිබුණා. දැන් නෑ කියනවා. තිබුණේ හිස් භාණ්ඩාගාරයක්ලූ. මේ අය බොරු කියනවා. අපි මුදල් ණයට අරන් සංවර්ධන වැඩ කළා. ජනතාවට ජීවත්වෙන්න හොඳ පරිසරයක් හැදුවා. මේ අය මුදල්වලින් කරන්නේ හිරගෙවල් පුරවලා නඩත්තු කරන එකයි. එහෙම කරලා රටක් පාලනය කරන්න පුළුවන්ද? කියලා මම අහනවා” යැයි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා පැවැසීය. 24 March 2017
‘ වරාය ලාබ ලබන තත්ත්වයකට ගේනවා‘ හම්බන්තොට වරාය කිසිම රටකට හෝ සමාගමකට විකුණන්නේ නැති බවත්, එය ප්රතිව්යුහකරණයෙන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගොස් ලාභ ලබන තත්ත්වයට පත්කරගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (23) පැවසීය. 24 March 2017
’ආර්ථිකය දියුණු වීමත් සමඟ රැකියා වෙළඳපොළ හඳුනාගෙන ඊට උචිත අධ්‍යාපනය දෙනවා’ ”අනාගතයේ ජාත්‍යන්තරය සමග එක්වී දියුණුවන ශ්‍රී ලංකාවේ සැබෑ උරුමක්කරුවන් වීමට නම් නවීන භාෂා ඉගෙන ගන්නැයි.” අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලාංකේය තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේය. ‘‘ආර්ථිකය දියුණු වීමත් සමඟ රැුකියා වෙළෙඳ පොළ කුමක් දැයි හඳුනාගෙන ඊට උචිත අධ්‍යාපනයක් දෙන බව ද’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය. 22 March 2017
විශිෂ්ට ශ්‍රී ලාංකිකයෝ 89 ක් ජනපති අතින් සම්මාන ලබති මාතෘභුමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලැබූ ‘‘ජාතික සම්මාන උළෙල 2017’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පෙරේදා (20) සන්ධ්‍යා යාමයේ පැවැත්විණි. 22 March 2017
හෝටල්වල කුස්සි දැක්කොත් මිනිස්සු එවායේ කන්නේ නෑ කොළඹ නගරයේ සිට ලංකාවේ සෙසු නගර ගම් දක්වා බොහෝ හෝටල් සහ ආපනශාලාවල කුස්සිය පැත්තට ගියොත් බොහෝ දෙනෙකුට ඒවා කන්න හිතෙන්නේ නෑ. පාරිභෝගික අධිකාරිය කරන වැටලීම්වලදි මේ යථාර්ථය අපි නිතර දකිනවා. 17 March 2017
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026