දිවයින පුරා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සියලූම ඩෙස් පුටු ආදී පහසුකම් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට ඊයේ (30) උපදෙස් දුන්නේය.
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් පසු මෙම තීරණය ගනු ලැබිණි.
බොහෝ පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ඩෙස් පුටු පවා නොමැතිකම බරපතල ගැටලූවක් බව මෙහිදී අනාවරණය විය.
මෙම මැයි මස ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
ඒ හා සමගාමීව දිවයින පුරා විහාරස්ථානවල පවතින පුස්කොළ පොත්වල නාමාවලියක් සකස්කර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු විය.
එමෙන්ම බුද්ධ ජයන්ති ග‍්‍රන්ථ මාලාව සංරක්ෂණය කර අන්තර්ජාලයට එක් කිරීම, ධර්මාචාර්ය විභාගය සමත්වූවන්ට රැකියා ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීම, භික්ෂුන් වහන්සේලා රාජ්‍ය සේවයට ඇතුළත්වීමේදී මතුවන ගැටලූ, සිල් මෑණිවරුන්ගේ අධ්‍යාපනය සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම, පිරිවෙන් ගුරුවරු පුහුණු කිරීමේ ආයතනයක් හා ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම යන කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමි, මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි, ආචාර්ය අකුරැටියේ නන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය විජිතපුර විමලරතන හිමි, මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි, මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඥාණරතන හිමි, ආචාර්ය කඩවත්ගම පියරතන හිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පිරිවෙන් අඩුපාඩු කඩිනමින් විසඳන්න ජනපතිගෙන් උපදෙස්
sathyayaa Monday, 03 April 2017 12:51 AM
අර කවුද කිව්වලු "කඩිනමින්" කියල දේශපාලකයින් කියන වචනයේ නියම තේරුම ගන්න කඩි ගුලක් ළඟටම ගිහිල්ල උන් කරන දේ බලා ඉන්න ඕනේ කියල. ඔහොම යන කොට කඩින්ගේ නමින් සෑයවල් පවා ඉදිවෙන්න ඉඩ තියෙනවා.