(පොලොන්නරුව - ක.ග. කරුණාරත්න)
පිබිදෙමු පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කෙරෙන පොලොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම සකස් කොට කි‍්‍රයාත්මක කෙරෙන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන තිබෙන ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් අඟහරුවාදා (18) පෙරවරුවේ පැවැති පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු විශේෂ රැස්වීමෙන් අනතුරුව කදුරුවෙල නගර සංවර්ධන ව්‍යාපෘතිය පරීක්‍ෂාවට ලක් කිරීමෙන් පසුවයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත නගර සංවර්ධන සැලැස්ම සඳහා මෙම කුඹුරු ඉඩම් පවරාගෙන ඇත්තේ පොලොන්නරුව - මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ දැනට මෛතී‍්‍රපාල සිරිසේන මාවත නමින් හැඳින්වෙන මඟ දෙපසිනි.
එම ප‍්‍රධාන මාර්ගය මං තීරු හතරක් දක්වා පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.
නගර සංවර්ධනය සඳහා පවරා ගෙන ඇති පෞද්ගලික කුඹුරු ඉඩම් ප‍්‍රමාණය අක්කර 46කි. එම කුඹුරු ප‍්‍රමාණයෙන් අක්කර 9ක් පමණ මේ වනවිට පස් පුරවා තිබේ. ඉතිරි අක්කර 37ක කුඹුරු ඉඩම් මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කර කි‍්‍රයාත්මක කරන තෙක් ඒවායේ හිමිකරුවන්ට වගා කිරීම සඳහා ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
මේ අතර පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම්පොළ දැනට පිහිටා තිබෙන භූමි භාගයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සඳහා මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ කර තිබෙන යෝජනාවක් ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂේප කොට තිබේ.
ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවෙන සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙසට ජනාධිපතිවරයා එහිදී ද අවධාරණය කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක‍්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න
maj Friday, 21 April 2017 05:10 PM
පොලොන්නරුවත් කුණුගොඩක් කරන්නයි හදන්නේ, දැනටමත් පාර දෙපැත්තේ කුබුරු ගොඩ කරනවා