IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බෞද්ධ අබෞද්ධ සැම වෙසක් දිනය සමරා ලොවට හොඳ පණිවුඩයක් දෙමු

(අංජුල මහික වීරරත්න)

‘‘බෞද්ධ සහ බෞද්ධ නොවන සියලූ ශ්‍රී ලාංකිකයන් එක්ව ජාත්‍යන්තර වෙසක් දිනය මෙරටදී සමරා ශ්‍රී ලංකාව පිළිබඳව ලොවට හොඳ පණිවුඩයක් දෙමු යැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පෙරේදා (24) පැවැසීය.

‘‘ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් සිටින මොහොතක නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් අයුරින් ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරන බවද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ කොළඹ නගරයේ විහාරස්ථාන සඳහා මුදල් - චෙක්පත් පරිත්‍යාග කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

කොළඹ මහ නගර සභාව විසින් මුදල් පරිත්‍යාග කළ අතර විහාරස්ථාන සියයක් සඳහා රුපියල් 50,000 බැගින් දීම සිදුවිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

‘‘2017 වෙසක් සමරුව නිමිත්තෙන් කොළඹ මහනගර සභාව උත්සවය සංවිධානය කරනවා. කාලයක් තිස්සේ කොළඹ මහනගර සභාව මේ සත්කාරය කරනවා.

කොළඹ මහ නගර සීමාවේ තිබෙන විහාරස්ථාන සඳහා මුදල් පරිත්‍යාග කරනවා.

2017 වෙසක් උත්සවය අපට සුවිශේෂියි. ඒ, මේ වෙසක් පොහොය සමග ජාත්‍යන්තර වෙසක් උත්සවයත් කොළඹ පවත්වනවා. ඒ සමගම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාත් වෙසක් සැමරුම සඳහා එකතු වෙනවා.

ජාත්‍යන්තර වශයෙන් සියලූ මාධ්‍ය පවා අවධානය යොමු කරන්නේ ලංකාවේ වෙසක් සැමරුම පිළිබඳවයි. අප ඒ වැඩකටයුත්ත සාර්ථකව ඉටු කළ යුතුව තිබෙනවා.

මේ, අපට උදාවී තිබෙන්නේ ලොවට හොඳ පණිවිඩය දීමට අවස්ථාවක් බව කිව යුතුයි. නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිතුමා සමග ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සව පැවැත්වෙනවා.

ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා බෞද්ධ පමණක් නොව අන්‍ය ආගමිකයන් පවා අවධානය යොමු කරලා. ඒ නිසාම අප වෙසක් පොහොය ගැන ලෝකයට පණිවිඩයක් දෙමු.

අපේ පන්සල් හරියාකාරව සංවිධානය වෙනවා නම් අවශ්‍ය පණිවිඩය දීමට හැකියි. වෙසක් පොහොය කොළඹ නගරයේ සාර්ථකව පවත්වමු යැයි භික්‍ෂූන් වහන්සේලාගෙන් මෙන්ම ගිහි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ නගරයේ වෙසක් පොහොය බෞද්ධයන්ට පමණක් සීමා වී නැහැ. බෞද්ධ නොවන අයත් ඒ සඳහා උපකාර කරනවා.

බෞද්ධ නොවන අයත් වෙසක් සැමරුම සඳහා සහභාගි කරගත් විට ලෝකයට තවත් පණිවිඩයක් දීමට හැකියාව ලැබෙනවා. ලංකාවේ ආගම් - ජාති අතර ඇති සංහිදියාව ගැන අපි පණිවුඩයක් දෙමු.

වෙසක් පොහොය සැමරුම සඳහා බුදුන් වහන්සේ ධර්ම දේශනා කළ මහාභාරතයේ ගංගා නම් ගංගා නිම්නය නියෝජනය කරන නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිතුමන්ගේ පැමිණීම සුවිශේෂීයි.

ශ්‍රී ලංකාව පමණක් නොව ආසියාව සහ මුළු ලෝකයම මේ සැමරුමට අප සමඟ එකතු වෙනවා. ඒ ස්වර්ණමය අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන බුදු දහම ගැන හොඳ පණිවුඩයක් දෙමු. ඒ සඳහා බෞද්ධ, බෞද්ධ නොවන ගිහි - පැවිදි සියලූම දෙනා එකතු වෙමු යැයි’’ ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමි :

 

‘‘මෙය ඉතා වැදගත් පින්කමක් වනවා. 2017 වෙසක් උත්සවය නිමිති කරගෙන මේ පින්කම පවත්වනවා.

මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන්නේත් ශ්‍රී ලංකාවෙයි. නාගරික විහාරස්ථානවලට, ගම්වලට වඩා ප‍්‍රශ්න රැසක් තිබෙනවා. ඒ නිසා මේ සත්කාරය අගය කළ යුතුයි.

බුදු සසුන රැකෙන්නේ සංඝරත්නයේ පැවැත්ම නිසයි. ඒ නිසා රජයෙන් උපරිම සහන දිය යුතුයි. වෙසක් පොහොය උපරිම අයුරින් කිරීමට මේ සත්කාර ඉවහල් වෙනවා’’

කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා:

‘‘කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ විහාරස්ථාන 100ක් උදෙසා අප මූල්‍යාධාර දෙනවා. මේ මූල්‍යාධාර දීම අප කාලයක් තිස්සේ කරනවා.

නගර සභාව මීට රුපියල් ලක්ෂ 50ක පිරිවැයක් දරනවා.’’

උත්සවය සඳහා කොළඹxහුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමි, නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල පාලිත හිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද මුදල් අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන්, අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධාන රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.



අදහස් (4)

බෞද්ධ අබෞද්ධ සැම වෙසක් දිනය සමරා ලොවට හොඳ පණිවුඩයක් දෙමු

saman Wednesday, 26 April 2017 08:34 AM

බුදු දහම ගැනවත්, වෙසක් ගැනවත් මොනවා දැනගෙනද මේ කතා කරන්නේ .වෙලාවකට පව් කියල හිතෙනවා,

:       24       113

siri Wednesday, 26 April 2017 11:17 PM

හැමදාමත් වෙසක් උත්සවය සදහා බෞද්ධ අබෞද්ධ සැමගේ සහභාගිත්වය ලැබෙනවා. එහි විවාදයක් නැහැ. එත් ගැටලුවකට තියෙන්නේ,මේ අවස්ථාවේ කොලබ නගරයේ තෝරාගත් විහාරස්ථානවලට පමණක් මේ ආධාරය ලැබෙනවා. එතකොට කොලබ නගරයේ අනෙකුත් විහාරස්ථාන සහ ඈත ගම් දනව්වල විහාරස්ථාන වලට මොකුත් නැහැ. දුෂ්කර පළාත්වල මොනතරම් විහාරස්ථාන තියෙනවද? ලෝකෙට පෙනෙන්න කොලබ විතරක් වෙසක් සමරපුවහම හරිද? මම යෝජනා කරනවා බොරු සෝබන නැතිව, බුදු දහමට අනුව කටයුතු කලොත් තමයි වෙසක් උත්සවයේ නියම අරුත් වෙන්නේ. පාලකයෝ හැමදාමත් කලේ"කොලබට කිරි ගමට කැකිරි "සංකල්පයයි.

:       0       0

Thushara Thursday, 27 April 2017 11:13 AM

කොළඹ නගරයේ තියෙන පන්සල් ටිකට ප්‍රශ්න නැහැ.. උතුරු නැගෙනහිර තියෙන අපේ පුරාවස්තු ටික අන්‍ය ආගමිකයන්ගෙන් ආරක්ෂා කරගන්න නීතිමය පදනමක් දාන්න... අනාගතේ අපේ දරුවන් වෙනුවෙන්...

:       0       33

sathyayaa Saturday, 29 April 2017 08:53 PM

ශ්‍රී ලංකාව පිළිබඳව ලොවට හොඳ පණිවුඩයක්.....ඔව් ඒක දැනටමත් දීලනේ තියෙන්නේ..හ්ම්ම් දීකිරට බළල්ලුත් සාක්කිලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1980 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site