මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩාවැටීමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන ලෙසත්, එහිදී මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
විපතට පත් පවුල් සංඛ්‍යාව හා හානි වූ දේපළ සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කර දින පහක් ඇතුළත වාර්තාවක් තමාට ලබාදෙන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා සියලු කටයුතු ජනතාවගේ චෝදනාවට ලක් නොවන අයුරෙන් කිරීමට සැළකිලිමත් වන්නැයි දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ විපතට පත් ජනතාවට සහන සැළසීමේ අරමුණෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදීය.
තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත් කර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් යොමු කරන්නැයි ද එම යොමුකිරීම් ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සහිතව සිදුකරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුනක් තාවකාලිකව යොදාගැනීම ගැන මෙහිදී අවධානය යොමුවී ඇති අතර විපතට පත් ප්‍රදේශවාසීන් සෙවීමේ හා මුදාගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රගතිය ගැන ද කරුණු ඉදිරිපත් වී තිබේ.
මරණයට පත්වූවන්ගේ අවමංගල්‍ය කටයුතු සොයා බලා ඉටුකරන ලෙස ද දින තුනකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් කැඳවීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ඒ අනුව මීළඟ රැස්වීම 19 වැනිදා උදේ 8.30 ට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.
අමාත්‍යවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් හා ප්‍රසංග සෝලංගආරච්චි යන මහත්වරුන් ද පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගීවී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින්පසු සමාජ ප්‍රශ්නවලට මැරෙන්න කලින් ක්‍රියාත්මක වෙන්න.
ඔය මුදල මිනිස්සු මැරෙන්න කලින් වියදම් කලානම් ඔය ජීවිත ටික බේරගන්න හිබුන නේද ගරු ජනාධිපති තුමණි. මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිකර නොගන්න තිබුනේ මේ මිනිස්සු මැරෙන්න කලින් නේද ?
මිනිස්සු මැරුණට පස්සේ ගෙවල් දොරවල් කැඩිලා පරිසරය විනාශ උනාට පස්සේ වියදම් කරන්න ඕනේ තරම් මුදල් තිබෙනවා , ඔය විනාශේ වෙන්න ඉස්සෙල්ල කුණු ටික ප්‍රතිචක්‍රීකරණය කරන්න මුදල් යෙදෙවුවනම් නේද හොඳ පරිසර ඇමතිතුමනි , අර රනිල් සහ සාගල විතරක් කුණු කන්ද ලඟට යැවුවේ පරිසර ඇමතිතුමාට තවම බැරි වුනාද එහෙ ගිහින් තත්වය විමසල බලන්න , අලුත් සහල් මංගල්ල , සහ මගුල් ගෙවල් වැනි උත්සව වැනි දේවල් කුණු සහ ඒවාට යටවෙලා මැරුන මිනිස්සුන්ට වැඩිය කොහොමත් වැදගත්නේ ?
අර මැති ඇමතිලට වාගේ කෝටි 3ක් විතර වාහනයක්?