
කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී නවීන තාක්‍ෂණය ඒ සඳහා උපයෝගී කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (20) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුඩා ජල විදුලි බලාගාර ආශ්‍රිතව සිදුකෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
දැනටමත් දේශීය කුඩා ජල විදුලි බලාගාර පද්ධතිය ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට එකතුවන මෙගාවොට් 340ක ධාරිතාව, මෙගාවොට් 550 ක් දක්වා වර්ධනය කිරීම සඳහා ඇති ඉඩප්‍රස්ථා හඳුනාගැනීම, දේශීය ජල විදුලිබලාගාර සංවර්ධකයින් අදාළ ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලදී මුහුණදෙන අභියෝග, පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදන ජාතික ඉලක්ක ඉටුකිරීම සඳහා වූ නව ක්‍රමවේදය හඳුනාගැනීම, පාරිසරික සමතුලිතතාවය රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා නව ක්‍රමවේද හඳුනාගැනීම වැනි කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය.
ගැටලු ඇති ව්‍යාපෘති හඳුනාගෙන අදාළ රාජ්‍ය ආයතනවල වෙනම කමිටු පත්කර ගනිමින් එම ගැටලුව විසඳීමට පියවර ගත යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීහු ද කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩා ජල විදුලි බලාගාරවලට බලපත් දීමේදී නවීන තාක්ෂණය යොදා ගත යුතුයි