(ගම්පහ - තිලකරත්න දිසානායක)
ඉකුත් මාර්තු මස හත් වෙනි දින පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා වූ පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් අත්සන් නොකිරීම ගැන සතුටට පත්වන බවත් මෙම පනත ජනතාවට නොතේරුණද මෙය භයානක පනතක් සේම රණවිරුවන් මහත් බන්ධනයකට ඇතුළත්වීමක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ, උඩුගම්පොල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදී පෙරේදා පැවැසීය.
ඉකුත් සෙනසුරාදා (22) දිනට යෙදී තිබූ හිටපු අමාත්‍යවරයකු වූ රෙජී රණතුංග මහතාගේ 80 වෙනි ජන්ම දින සැමරුම් උත්සවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොළ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා එසේ පැවැසීය.
රෙජී රණතුංග ගුණ සැමරුම් දේශනය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් දිසානායක මහතා විසින් පවත්වනු ලැබීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
රෙජී තුළ තිබූ ගුණවත්කම, හිතවත්කම කිසිමදාක අඩුවුණේ නැහැ. එතුමා මේ රටට විවිධ තනතුරු දරමින් කරන ලද සේවය අති විශාලයි. මම හිතනවා අද සමහර අය කතාකරනවිට බොහෝ අයට ඒ දේශපාලන අවබෝධය නැහැ. රෙජී සමග ඉතාමත් ආසන්නයෙන් කටයුතු කළේ ප්‍රසන්නයි.
රෙජී ළඟ තිබූ සියලු ගති පැවතුම් ප්‍රසන්න ළඟ තිබෙනවා. ඒ ප්‍රතිපත්ති තිබෙනවා. එම ප්‍රතිපත්ති ප්‍රසන්න කිසිදා පාවාදී නැහැ. රෙජී වෙනුවෙන් විශාල යුතුකමක් ඒ නම ගෙන යන්න ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්න ප්‍රසන්න කටයුතු කිරීම පිළිබඳව අපි අගය කරනවා.
අද එතුමා හිටියානම් රටේ වෙන සිදුවීම් දෙස බලා මොනතරම් කම්පා වේවිද කියලා මට හිතෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ රක්ෂිත ඉඩම්වලට කුණු ගෙනැවිත් දානවා. දොම්පෙට කුණු ගෙනැවිත් දමා එහි ව්‍යාපාරය විනාශ කරන්න හදනවිට මුලු පරිසරයම විනාශ කරන්න හදනවිට අත්‍යාවශ්‍ය සේවාවක් කරලා මේ ප්‍රශ්නය විසඳන්නට හැකියාවක් නැහැ. මුතුරාජවෙල රක්ෂිතයට පවා කුණු දාන්න යනවා.
අද වනවිට මේවාට විරුද්ධ වන අයට පහර දෙනවා. ගහල ප්‍රශ්න විසඳන්නට බැහැ. ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රශ්නය ඔඩුදුවන්න ඉඩ දීල තිබෙනවා. මගේ කාලයේදීත් පරිසර ඇමැතිවරුන් හිටියා. පරිසර ඇමැති ක්‍රියාත්මක නොවූ නිසා ආරක්ෂක ලේකම්ට එය බාර කිරීමට සිදුවුණා. දැනුත් පරිසර ඇමැතිවරයෙක් ඉන්නවා. මෙයාලා මේ ගැන බැලිය යුතුයි. ජනාධිපතිවරයාටම මේවා බලන්නට බැහැනේ.
මේ නිසා විවේචනය කරන විට තමන්ගෙන් සිදුවූ වැරදිත් අවබෝධ කරගෙන කරනව නම් වඩාත් හොඳයි කියල මම හිතනවා.
සෑම දෙයකම සැලැස්මක් විය යුතුයි. අපි කිසිම දෙයක් ආවට ගියාට කළේ නැහැ. අපි යුද්ධය සැලසුම්කරල තුවක්කුවක්, පතොරොමක් තිබුණේ නැති හමුදාවක් හිටපු අපට අවුරුදු තිහක යුද්ධය අවසන් කරන්නට හැකි වුණේ අපේ ඒ සැලසුම් නිසයි. අපි ඉවසීම, සැලසුම හා ලබාදුන් නායකත්වය නිසා යුද්ධය නිම කළා.
රට පුරා යන්න පාරවල් ටික හැදුවා. විදුලිය සියයට අනූ අටකට තිබෙනවා. උතුරේ අයට නැති වූ දේවල් අපි දුන්නා. රට බෙදල දෙන අයිතිවාසිකම් නොවෙයි. එදිනෙදා ජීවිතය ගෙනයාම පිණිස ජලය, විදුලිය, කුඹුරු වගා කර ගැනීමට අවස්ථාව ලබාදුන්නා. බිම් බෝම්බ කෝටි ගණනක් ඉවත් කරලා ජනතාවට ගොවිතැන් කරන්න ඉඩ පහසුකම් ලබා දුන්නා.
දේශපාලන භේදයකින් තොරව අපි හැම දෙයක්ම ඉටු කළා. අද ගෙවල් බෙදන්නේ සිමෙන්ති ටිකදෙන්නේ, ණයක් දෙන්නේ දේශපාලනයට. අද බැංකුවෙන් ණයක් ගන්නත් දේශපාලක ලියුමක් ඕන වෙලා තිබෙනවා. මෙහෙම දේවල් කවදාවත් සිදු නොවූ දේවල්.
නමුත් හැමදාම එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ මේ වගේ දේවල් වුණා. අදත් තිබෙන්නේ එජාප රජයක්. අද ශ්‍රී ලංකා එකේ අය ගිහින් හේත්තුවෙලා ඇමැතිකම් අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඒකයි මේ වෙලා තිබෙන්නේ.
මම දැක්ක පුවත්පතක දැනට තිබෙන පොලිස්ථාන හාරසීය, හයසීය දක්වා වැඩිකරනවයි කියලා. පොලිස් රාජ්‍යයක් සඳහාද මේ සූදානම් වෙන්නේ. මොකද මේ යුද්ධය කාලෙදි නැති අපරාධ රැල්ලක් දැන් ඇවිත් තිබෙන්නේ. ඒකට කවුද වගකියන්නෙ. මේවා පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. පොලිසි හයසීයක් දැම්මයි කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
තවත් දෙයක්. පාර්ලිමේන්තුවට පනතක් ගොනාව. ඒ පනත ගැන ජනතාවට දැනෙන්නේ නැහැ. ඇයි ඒ හාල්, පොල් ගණන් ගියා වගේ දැනෙන එකක් නොවෙයි. නමුත් ඒක ඊට වඩා භයානක දෙයක්. මේ රටට ආදරය කරන අයට මේක දැනෙනවා. මොකක්ද මේ වෙන්න යන්නේ. අවුරුදු තිහක යුද්ධයක් අපි අවසන් කරල මේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමේ නිදහස දීලා. අද ඒ ක්‍රියාව කළ රණවිරුවන් ටික දණ්ඩනයට යටත් කරන්න සුදානම් වෙනවා.
ඒ ගෙනාපු පනත මාර්තු හත් වෙනිදා ඉදිරිපත් කළේ. එහි මෙසේ සඳහන් වෙනවා. නියෝගදීම යන අපරාධ නීතිය යටතේ නඩු පැවරීම, ඒ කියන්නේ මට නියෝගදීම යටතේ දඬුවම් කළ හැකියි. එතකොට ක්‍රියාවකින් හෝ ක්‍රියාත්මකව ක්‍රියාවකින් වැළකී සිටීම නඩු දැමීමට ප්‍රමාණවත්වේ. මේ අනුව නොකළත් නඩු පැවරිය හැකියි. අතුරුදන් වූ ක්‍රියාව විදේශ රජයක් හෝ ඕනෑම සංවිධානයක් විසින් ඉදිරිපත් කළ හැකියි. මේ අනුව රජයට පුද්ගලයකුට හෝ රාජ්‍ය නොවන සංවිධානයකට කිව හැකියි යමෙකු අතුරුදන් වූ බවට. මේ නිසා වහාම පරීක්ෂණ ඇරඹිය හැකියි.
විදේශ රටක නඩුවක් පවරා අපේ රටින් මහින්ද රාජපක්ෂ අණදුන්නාය කියා ඉල්ලූ විට විත්තිකාරයකු ලෙස මා පිටුවහල් කරන්න පුළුවන්. යුද්ධයට සම්බන්ධ වූ ඕනෑම නිලධාරියෙකු සරත් ෆොන්සේකාට වුණත් යන්න පුළුවන්. නඩු පවරන රට රෝම ගිවිසුමට අත්සන් කොට තිබේ නම් ඔවුන්ට පුළුවනි යුද අපරාධ අධිකරණයට යැවීමට. රනිල් කියන විදියට රෝම ගිවිසුමට අපේ රට අත්සන් කොට නැතත් නඩු පවරන රට එම ගිවිසුමට අත්සන් කර තිබේ නම් මේ පනතට අනුව යැවිය හැකියි.
මේ පනතට අනුව අතුරුදන් වූ අයෙකු විදේශයක සිට හමුවුවද ඔහුගේ කැමැත්තක් නොවේ නම් පාර්ලිමේන්තුවේ දැනට සම්මත කොට ඇති මෙම පනතට අනුව ඔහු ගෙන්වා ගත නොහැකියි.
මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කොට ඇති අතුරුදන් වූවන් පිළිබඳ පනත ජනාධිපතිතුමාට ඉදිරිපත් කොට ඇතත් තවම අත්සන් කර නැහැ. මේ ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා. පාර්ලිමේන්තුවෙහි සම්මතව ඇති මේ පනත ජනාධිපති අත්සන් කළහොත් මට පමණක් නොව රණවිරුවන් සියලුම දෙනාව මේ පනත තුළින් මහත් බන්ධනයකට ඇතුළත් වෙනවා.
මෙය රට මුදාදීම ගැන සැලකීමද? එල්ටීටීඊ ඩයස් පෝරාවේ අවශ්‍යතාවය අනුව ක්‍රියා කරන්න බැහැ. මේවා රට ඉදිරියේ ඇති ප්‍රශ්නයි. මේ යන්නේ කොහාටද?
මේ තත්ත්වයන් ගැන අද මාධ්‍යවලත් පළවෙන්නේ නැහැ. අද සමහර මාධ්‍ය වහල. ඇතැම් නාලිකාවලට රතු එළිය පත්තුවෙලා. කොළ එළිය ඕනෑනම් අපේ පැත්තට වැඩ කෙරෙන්න ඕනෑ කියනවා. ඒක තමයි තත්ත්වය. මාධ්‍යයට අද පරිස්සම්වීමට සිදුව තිබෙනවා. ඇතැම් මාධ්‍ය කෙළින් වැඩ කරනවා. දැන් අලුත් පත්තරෙන් අපිට ෂොට් එක දෙනවා. අපිට ගහන කොට හොඳයි. මොකද ඇස්වහ කටවහ යන්නට.
දැන් අහනවනෙ මම තරුණ වෙලා මොකද? එන්නතක් ගත්තද කියලා. ඒ එන්නතෙ බිලත් මම ළඟ තියෙනවයි කියනව. ඒක මිලියන ගාණක්ලු. මිනිස්සුන්ට වෛර නොකර ක්‍රෝධ නොකර පළිගන්නේ නැතිව සිනා මුසු මුහුණින් සිට ජය පැරදුම ඉවසා දරාගෙන සිටිය හැකි නම් හැමදාමත් තරුණ වී සිටිය හැකියි. මේක තමයි මම තරුණ වී සිටීමේ රහස.
රෙජීට නිවන් සුව පතමින් එම ගමන් මගෙහි යන ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු සැමට සුභ පතනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා: රෙජී රණතුංග මාගේ පියාණන්ගේ සමකාලීනයකු වූ මහින්ද රාජපක්ෂ මහතාව මෙම උත්සවයට සහභාගි කරවා ගැනීම වැදගත් නිසා මෙතුමන්ට ආරාධනය කළා. මගේ දේශපාලනයේ ගුරුවරයා වුණේ මගේ පියායි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවක් පියා තුළ තිබුණා.
රෙජී මගේ පියා, තනතුරු වරප්‍රසාද පසුපස ගියේ නැහැ. මම යන්නෙත් නැහැ. ඒ නිසා තමයි රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මහ ඇමැතිකම අත්හැරල මෙතුමන්ට එක් වුණේ. මටත් තනතුරුවලට කතා කළා. මම ගියේ නැහැ. රෙජී මහත්තයා වගේම මමත් තනතුරු වරප්‍රසාද පසුපස යන්නේ නැහැ.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා:- රෙජී රණතුංග යනු මොන අන්දමේ අයෙකුද යන්න රෙජී ගුණ සමරු දේශනයේදී ඇහුවා.
රෙජී මහත්තය අද වනතුරු ජීවත්ව සිටියා නම් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි. එතුමා වරප්‍රසාද, තනතුරු පසුපස යමින් පක්ෂය පාවා දුන් කෙනෙකු නොවෙයි. අද අපිට ආඩම්බර විය හැකි එතුමන්ගේ පුත් ප්‍රසන්න රණතුංග මහතා අප සමග ඉන්නවා. රෙජීගේ මෙහෙවර ඉතා ඉහළයි.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පළාත් පාලන ආයතනයන්හි හිටපු ජනතා නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.
රෙජී රණතුංග ජන්ම දින සැමරුම් උත්සවය අවසානයේදී ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොළ කාර්යාලයද විවෘත කෙරිණි.
(ඡායාරූප - තිලකරත්න දිසානායක)
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දැන් තියෙන්නෙ යූ.ඇන්.පී. ආණ්ඩුවක්
siri Monday, 24 April 2017 09:52 PM
රෙජී මහත්තය හැමදාම හිටියේ සාමාන්‍ය මිනිසුන් සමගයි.සමහරුන්ට ගමේ යන්නත් ආරක්ෂකයෝ ඕනේ කලෙක එතුමා උඩුගම්පොල හන්දියේ පයින් යනවා.එතුමා පක්ෂය රැක ගන්න තනතුරු වෙනෙකෙකුට දීල සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් විදියට පසු පේළියකට වෙලා හිටිය .ඒවගේම එක්තරා දවසක ගම්පහ නගර සබා පිටියේ තිබුණු රැලියකට ප්‍රහාරයක් එල්ල වුනු වෙලාවේ සිරිමාවෝ මැතිනියව දිවි හිමියෙන් රැක ගත්තෙත් රෙජී මහත්තය.ප්‍රසන්නත් ඒ මග යන බව පෙනෙනවා.ප්‍රසන්න,ඔබට පියාගේ ආශීර්වාදය ලැබෙනවා.අවසාන වශයෙන්,රෙජී මහත්තයට නිවන් සුව ලැබේව!!!!!
Roshan Tuesday, 25 April 2017 06:59 AM
කුණු ප්‍රශ්නය නැතිනම් වෙඩි තියලද විසදන්න ඕනේ? රතුපස්වල වගේ?
Ian Tuesday, 25 April 2017 04:50 PM
මිනිස්සුන්ට වෛර නොකර ක්‍රෝධ නොකර පළිගන්නේ නැතිව සිනා මුසු මුහුණින් සිට ජය පැරදුම ඉවසා දරාගෙන සිටිය හැකි නම් හැමදාමත් තරුණ වී සිටිය හැකියි.
Chanak Los Angeles Wednesday, 26 April 2017 01:50 AM
එදා කීවා නේද රණවිරුවන් වෙනුවෙන් මම පෝරකයට යන්න සුදානම් කියා ? එසේනම් මොකද මේ භය වෙලා ?