IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ලංගම විනාශ කළේ මේ රටේ දේශපාලනයයි

ඒකට අප සියලු දෙනා වගකිව යුතුයි

(මහින්ද නිශ්ශංක)

ලංගමය විනාශ කළේ මේ රටේ පැවැති දේශපාලනය යයි ද එයට අප සියලුදෙනා වගකිව යුතු යැයි ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උඩහමුල්ල ඩිපෝ පරිශ්‍රයේදී ඉකුත්දා (28) පැවැති බස් එන්ජින් කට්ටල 500ක් බෙදාදීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය.

සෑම රජයක් යටතේම දේශපාලන බලපෑම් මත ලංගමය විනාශ වූ අතර අනවශ්‍ය ලෙස සේවකයන් පිරවූ බවත් පැවැසූ අමාත්‍යවරයා නමුත් තමාට එවැනි දේවල් කිරීමට අවශ්‍ය නැතැයි ද පැවැසීය.

ලංගමයේ පරිපාලනයට දේශපාලනය ගාවනොගත යුතු බවත් එසේ කළහොත් මේ ආයතනය ගොඩනගන්න බැරි බවත් පැවැසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා දේශපාලනය පැත්තක තබා සියලුදෙනාම එකතු වියයුතු බවත් ලංගමයේ ශුභසිද්ධිය තකා සියලු වෘත්තීය සමිති එකට වැඩකරන්නැයි කියා තමා ඉල්ලා සිටින බවත් කීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“දැනට ලංගමය සතුව 7700ක බස්රථ ඇනියක් තිබුණ ද ධාවනය සඳහා සුදුසු තත්ත්වයේ පවතින්නේ බස්රථ 6000ක් පමණයි. ජනතාවට ගුණාත්මක බස් සේවාවක් ලබාදීමට නම් අවම වශයෙන් ලංගමය මගින් බස්රථ 10000ක් පමණවත් ධාවනයේ යෙදවිය යුතුයි. මේ සඳහා වැඩපිළිවෙළ රැසක් ලංගමයෙන් මේ වනවිට ක්‍රියාවට නංවා තියනවා. ධාවනයේ නොයෙදෙන බස්රථ සඳහා නව එන්ජින් කට්ටල 500ක් දෙන්නේ එහි එක් පියවරක් ලෙසයි.

අද ලංගමයට විශාල අභියෝගයක් තිබෙනවා. පෞද්ගලික අංශයේ 22000කට ආසන්න බස් රථ සමග තරගකාරීත්වයක් දෙමින් ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සැලසීමට කටයුතු කිරීමයි. ඒ නව තාක්ෂණය ලංගමයට ගෙනයා යුතුයි. ඉදිරි මාස කීපයේදී අලුත් බස්රථ 1000ක් මිලදී ගැනීමටත් කොළඹ සහ අවට නගරවල ධාවනය සඳහා සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමටත් සැලසුම් කර තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස වත්මන් රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තාක්කල් ශ්‍රී ලංගමය පෞද්ගලීකරණය කිරීමට හෝ විකිණීමට කටයුතු කරන්නේ නැහැ. මේ ආයතනය ගොඩනැංවීම මාහට පමණක් ඉටුකළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා ලංගම සභාපතිවරයාගේ සිට සියලු සේවකයන්ගේ සහාය මට ලැබිය යුතුය. විශේෂයෙන් වෘත්තීය සමිතිවල සහාය ලැබිය යුතුයි. සැමවිටම ආයතනය ආරක්ෂා කිරීමට වෘත්තීය සමිති කැපවිය යුතුයි” යැයි ද ඇමැතිවරයා කීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සහ නිලධාරී පිරිසක් ද සහභාගි වූහ.

 



අදහස් (1)

ලංගම විනාශ කළේ මේ රටේ දේශපාලනයයි

දනුක Tuesday, 04 April 2017 04:11 AM

ලංගම ඩිපෝ පාලනය කරන්නේ පක්ෂ සමිතිකාරයෝ අදාල පලාතේ ඉන්න මන්ත්‍රවරයට අවශ්‍ය විදියට. ඩිපෝ අධිකාරිවරු පඹයෝ වගෙයි බලන්න පසු ගිය ජනවාරි 07 වැනිදා හමිබන්තොට අවට ඩිපෝ වල බස් පාරේ දුවන්න ආවෙි නැ ජනාධිපති එන උත්සවයට ඡන්ද දායකයෝ අරගෙන ගියා මෙවා වාහන අවභාවිතා නොවෙිද ලංගම ආයතනයට ස්වාධිනව කටයුතු කරන්න දිලා පක්ෂ දේශපාලනය ඉන් ඉවත් කල යුතුයි

:       0       24

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2358 24

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3161 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3579 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2437 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 297 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1240 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 746 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2282 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1964 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site