‘පක්ෂයේ ශක්තිය කෙසේදැයි කාන්තා දින සමරුවට පැමිණි කාන්තාවන් පෙන්නුම් කළා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින ජන බලවේගය අදෘෂ්‍යමාන එකක් බවත්, කිසිම අවස්ථාවක පක්ෂයේ ශක්තිය අඩු තක්සේරුවකට නොයා යුතු බව කාන්තා දින සැමරුමට ආ කාන්තාවන් පෙන්නුම් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9) පැවසීය. 10 March 2017
කාන්තා ඡන්දයෙන් බලයට ආවාට කාන්තා ප්‍රශ්න විසඳා නෑ කාන්තාවගේ ඡන්දයෙන් බලයට පැමිණි මේ ආණ්ඩුවට ‘‘රටේ ප්‍රශ්න තිබුණට කෝටියක් ඒ ප්‍රශ්න විසඳීම සඳහා නැහැ එක විසඳුමක්’’ යන තේමා ගීතය වඩාත් සුදුසු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 10 March 2017
මගේ කාලේ වෙඩි හඬ ඇහුනේ උතුරෙන් අද උතුරු දකුණු දෙපැත්තෙන්ම ඇහෙනවා රටේ ජනතාවට අද ජීවත්වීමට සිදුවී ඇත්තේ සෑහෙන පීඩනයකින් බවත්, බලාපොරොත්තු නොවුණ ආකාරයට රට ප්‍රපාතයට වැටෙමින් තිබෙන බවත් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ ඔරුතොට දී පෙරේදා (8) පැවසීය. 10 March 2017
තරුණ තරුණියන්ට දේශපාලන බලපෑම්වලින් තොරව ඉදිරියට යන්න ඉඩ සලසා තිබෙනවා ”යෞවන-යෞවනියන්ට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්ෂකම් පෙන්වා ඉදිරියට එන්න හැකි වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම ජාතික රජයේ අරමුණ බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පැවැසීය. 08 March 2017
’තාක්ෂණය යෙදවූ කිසිම රටක් ආපස්සට ගියේ නෑ’ අනාගතයේ රට දියුණු වීමට නම් නූතන තාක්ෂණය සමග එකතු විය යුතුයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී පැවැසීය. 07 March 2017
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව චෝදනා පත්‍ර දීමට, නඩු ඇහීමට කිසිවිටෙකත් තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පලාලිහිදී පැවැසීය. 07 March 2017
‘නීතිවේදීන්ට කඳුළු ගෑස් එල්ලවූ යුගය අවසන්‘ නීතිවේදීන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ යුගය අවසන් කර ශ්‍රී ලාංකික අධිකරණ පද්ධතිය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට යහපාලන රජය සමත් වී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඉකුත් සිකුරාදා (3) පැවැසීය. 06 March 2017
’දේශපාලකයන්ට විතරක්ම රට පාලනය කරන්න ඉඩදෙන්න එපා’ දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය. 06 March 2017
’ඕනෑම විරෝධතාවක් පෙළපාළියක් තියන්න කිසිදු තහංචියක් නෑ’ කවුරු පාරේ ලැග්ගත් බොරු බේගල් ඇදබෑවත් ජනතාවට වැරැුදි චිත්‍ර මැව්වත් රජයේ ගමන නැවැත්වීමට කිසිදු විරෝධතාකරුවකුට නොහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 06 March 2017
ආර්ථික අභියෝග මැද්දේත් දිළිඳු ජනතාවගේ සුබසාධනයට රජය මුල්තැනදී තිබෙනවා කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද දිළිඳු ජනතාවගේ සුබසාදන සඳහා රජය ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පසුගිය (28දා) පැවසීය. මෙරට ජනතාවගෙන් සියයට 30ක පමණ ජනතාවක් බරපතළ ආර්ථික අපහසුතාවලට මුහුණ දී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා ඔවුන් වෙනුවෙන් මෙම වසර දූගී බව තුරන් කීරීමේ වසර ලෙස රජය ප්‍රකාශ කර තිබෙන්නේ යැයි ද කීය. 04 March 2017
පුද්ගලයකුගේ ජාතිය-ආගම සමාජ තත්වය යොදාගෙන වෛරය පතුරවන්න ඉඩ නොදිය යුතුයි බලාපොරොත්තු රහිතව එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවාට වඩා එකට එක්වී සෙමෙන් සෙමෙන් ඉදිරියට යෑම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) ප්‍රකාශ කළේය. 04 March 2017
අපි උතුරේ දකුණේ මැරෙන එක නැවැත්තුවා “අපි උතුරේ දකුණේ මැරෙන එක නැවැත්තුවා. පාතාලයන් රට අත ඇරලා ගියා. අපි කුඩු, මත්ද්‍රව්‍ය ඉවත් කළා. අද බල්ලො බළල්ලු ගාණට මිනිස්සු මරනවා. 04 March 2017
මෛත්‍රී-රනිල් මහින්ද-චන්ද්‍රිකා රටින් ණය අරන් හරියාකාරව යෙදෙව්වේ නෑ රටේ වත්මන් සහ හිටපු නායකයින් ණය ලබාගෙන එම මුදල් ආදායම් ලැබෙන පරිදි යොදවා නොමැති බවට ඔවුන් පිළිගත යුතු යැයි සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පෙරේදා (02) කොළඹදී පැවැසීය. 04 March 2017
’ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් මවුබිම දියුණු කිරීමේ වගකීම සියලූ ශ්‍රී ලාංකිකයන්ට පැවරිලා’ බටහිර රටවල සංක්‍රමණික දොරටු වැසෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් මව්බිම දියුණු කිරීමේ වගකීම සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත පැවරී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (2) පැවැසීය. 03 March 2017
’නිදහස් දේශපේ‍්‍රමි අරගලය මහා පරිත්‍යාගය කිසිවිටෙකත් අමතක කළ යුතු නෑ’ යටත් විජිත වාදයට එරෙහිව මෙරට ජනතාව ගෙනගිය නිදහස් දේශපේ‍්‍රමී අරගලය, මහා පරිත්‍යාගය කිසි විටෙකත් අමතක කළ යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පෙරේදා (01) ප්‍රකාශ කළේය. 03 March 2017
’රණවිරු පවුල්වලට ඉටු කළ යුතු යුතුකම් පැහැර හරින්නේ නෑ’ ත්රස්ත්රවාදය පරාජය කරමින් මාතෘභූමියට සාමය හා නිදහස ලබා දීමට මෙන්ම, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක හමුදා කළ උතුම් මෙහෙවර ඉතා විශිෂ්ට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (27) පැවැසීය. 02 March 2017
ජනවරම ගන්න දුන් පොරොන්දු පසෙකලා ආණ්ඩුව විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරනවා ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා (28) කොළඹ දී පැවැසූහ. 02 March 2017
’උදා ගම්මාන වැඩසටහනට ඇමරිකාවේ ප්‍රශංසාවත් පූර්ණ සහායත් පළවීම අප ලැබූ ජයග්‍රහණයක්’ ‘‘උදාගම්මාන වැඩසටහනට අමරිකාවේ ප්‍රශංසාව හා පූර්ණ සහාය පළවීම අප ලැබූ ජයග්‍රහණයකැයි’’ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා තිස්සමහාරාමේදී පැවසීය. 02 March 2017
ආසියාවේ රටවල් ඉදිරියට යනවා : අපි එකතැන පල්වෙනවා ‘‘ආසියාවේ රටවල් ඉදිරියට යන විට ශ්‍රී ලංකාව එක තැන පල්වීමට හේතුව පටු ජාති ආගම් බේද කරපින්නාගෙන ගහ මරා ගැනීම යැයි’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමින් කොළඹදී පැවසීය. 01 March 2017
අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මණ්ඩල අනුමැතිය නැතිව විවෘත ලංසු ක්‍රමයට බැඳුම්කර නිකුත් කරලා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුල්‍ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කළ ඍජු ස්ථාන ක්‍රමය වෙනුවට වසර තිහකින් කල් පිරෙන පරිදි විවෘතව ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කර ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා පෙරේදා (27) පැවසීය. 01 March 2017
රටක අධ්‍යාපනයට කරන ආයෝජනය උතුම් දෙයක්: රජය කැපවීමෙන් එය ඉටුකරනවා රටක අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය දීර්ඝතම මෙන්ම උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනයන් නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 25 වැනිදා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළේය. 01 March 2017
රටේ ඒකාධිපති පාලනයක් ඇතිවෙමින් තිබෙනවා මේ රජය එකාධිපති පාලනයක් නිර්මාණය කරමින් යනවා. මෙම ක්‍රමයට මන්ත්‍රීවරුන් විරෝධතාවක් පෙන්වයි කියන බයට රජය එම මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් එෆ්.සී.අයි.ඩියට දිගට හරහට කැඳවනවා. එෆ්.සී.අයි.ඩියට යෑමට බය කට්ටිය අපිට බනිනවා. රනිල් එක්ක ඩීල් දානවා කියනවා. 01 March 2017
මෛත්‍රීපාල ජනපතිතුමා ජනාධිපතිකම ගැන දීපු පොරොන්දුව ඉටුකර අවසානයි ආණ්ඩුවේ ඉදිරි ගමන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම, සයිටම් අර්බුදය ඇතුළු කාලීන දේශපාලන ප්‍රශ්න සඳහා මේ පිළිතුරු සපයන්නේ සමාජ සවිබලගැන්වීම සහ සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායකයි. ආණ්ඩුව හරියට කරගෙන යනවට වඩා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ආරවුල බේරගන්න නේද වෙලා තියෙන්නේ ඔබලට? 28 February 2017
ජාතික සමඟිය වෙනුවෙන් කතා කරන අපට ජාතිවාදී ලේබලය අලවනවා “ඒකාබද්ධ විපක්ෂය බොරු ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් ජාතිවාදය අවුස්සා බලයට ඒමට දඟලන බවට ආණ්ඩුවෙන් චෝදනාවකි. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි. 28 February 2017
ඕනෑම ක්‍රමයකට ඡන්දෙ ඉල්ලන්න අපි සූදානම් වර්තමාන දේශපාලන උණුසුම ගැන මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සමඟයි. ජනතා විමුක්ති පෙරමුණ බයවෙලාලු නේද ඉන්නේ? 28 February 2017
ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි රටේ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? රළ නගන උද්ඝෝෂණවලට ආණ්ඩුව සතුව ඇති පිළිතුරු කුමක්ද? කැබිනට් සංශෝධනයක් එයිද? මේ ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 28 February 2017
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026