IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ආර්ථික අභියෝග මැද්දේත් දිළිඳු ජනතාවගේ සුබසාධනයට රජය මුල්තැනදී තිබෙනවා

 

(ආරියරත්න රණබාහු)
කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද දිළිඳු ජනතාවගේ සුබසාදන සඳහා රජය ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පසුගිය (28දා) පැවසීය.


මෙරට ජනතාවගෙන් සියයට 30ක පමණ ජනතාවක් බරපතළ ආර්ථික අපහසුතාවලට මුහුණ දී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා ඔවුන් වෙනුවෙන් මෙම වසර දූගී බව තුරන් කීරීමේ වසර ලෙස රජය ප්‍රකාශ කර තිබෙන්නේ යැයි ද කීය.


ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පසුගිය (28) පෙරවරුවේ පැවැති තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුවේ ආරම්භක සැසිය අමතමිණි.


එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.


තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්තියක් හා මුල්‍ය කළමනාකරණයක් පදනම් කරගත්, පුළුල්ව ව්‍යාප්ත වියයුතු ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා පවත්වන මෙම වැඩමුළුවේදී ඔබ හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. මට ආරාධනා කළේ ප්‍රධාන දේශනය පවත්වන්නයි. නමුත් මා පැමිණියේ ඔබට සුබ පතන්නයි. මා හිතනවා මෙහිදී සාකච්ඡා කරන කරුණු ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත්කමක් දක්වනවා කියලා.


තිරසර සංවර්ධනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තීන් හා අන්තර්ජාතික ප්‍රඥප්තීන් එළිදැක්වීම හා සාකච්ඡා කිරීම මෑත භාගයේදී පසුගිය වසර කිහිපය තුළ ජාතික සංවිධාන වලටත්, ලෝකයේ රාජ්‍ය නායකයින්ටත්, මේ ක්ෂේත්‍රයේ විද්වතුන්, විශේෂඥයින්, උපදේශකවරුන් හා කළමනාකාරවරුන්ගේ ප්‍රධානතම කාර්යයක් බවට පත්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂයෙන්ම ගෙවීගිය වසර දෙකක කාලය තුළ තිරසර සංවර්ධන කාර්යයන් පිළිබඳව මූල්‍ය කළමනාකරණය, භෞතික සම්පත් කළමනාකරණය, ආර්ථික කළමනාකරණය හා රාජ්‍ය පාලනය වැනි කරුණු සම්බන්ධයෙන් සිය ලෝකයේ සියලුම මිත්‍ර රාජ්‍යයන් හා සාමාජික රටවල්වලට අවශ්‍ය මඟ පෙන්වීම් කරනු ලැබුවා.


අද අපි කාගේත් වගකීමක් හා යුතුකමක් වී තිබෙනවා අපේ රට වගේම ලෝකයේ සමස්ත මානව වර්ගයාගේ වගේම සියලු සත්වයාගේ, ඇළ, දොළ, ගංගා, සියල්ලෙහි වටිනාකම් සමඟ සෑම රටකම ක්‍රියාත්මක වියයුතු තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය, සෑම ක්ෂේත්‍රයකම විද්වතුන් ප්‍රවීණයන්ගේ හා විශිෂ්ටයන්ගේ මූලික මඟ පෙන්වීම මගින් දේශපාලන නායකයන් සමඟ මේ අප බලාපොරෝතත් වන අරමුණ ඉෂ්ට කරගැනීම.


පරිසර සංරක්ෂණය අමතක කරලා ලෝකයේ බොහෝ ප්‍රබල රාජ්‍යයන් ඉහළ සංවර්ධනයක් අත්කරගනු ලැබුවා. එහි ප්‍රතිඵලය අද අපි සෑම කෙනෙක්ම විඳිනවා. අද අපි නියඟයකට මුහුණ දී තිබෙනවා. පරිසරය රකිමින් රට සංවර්ධනය කිරීමේ අත්‍යවශ්‍යතාව අද අපිට තේරිලා තියෙනවා. ඒ නිසා මේ වැඩසමුළුව තුළ ඉදිරි සංවර්ධන කාර්යයන් පිළිබඳ ඔබ සිදුකිරීමට බලාපොරොත්තු වන සාකච්ඡ, සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවත්, අනෙකුත් මූල්‍ය ක්ෂේත්‍රවල ආයතනත් සමඟ කටයුතු කිරීමේදී මෙම වැඩමුළුව ඉතාමත් වැදගත් වේ යැයි මා සිතනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු මේ රටේ තිබෙන අනෙකුත් මූල්‍ය ආයතන ප්‍රධාන වශයෙන්ම පරිසර අමාත්‍යාංශය, පරිසර සංරක්ෂණයට අදාළ ආයතන සමඟ ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔබ දකිනවා. ඒ නිසා මේ වැඩසටහන තුළ බලාපොරොත්තු වන අරමුණු ඉටුකරගැනීමේදී පරිසර සංරක්ෂණ ආයතන හා ඒකාබද්ධ වූ වැඩපිළිවළක් ඔබට තිබිය යුතුයි මා විශ්වාස කරනවා. අද තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳන්නට පරිසර සංරක්ෂණය ඉතාමත් වැදගත් වන බව අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්.


2017 මේ වසර අපි ප්‍රකාශයට පත්කරලා තියෙනවා දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය නමින්, අපි එහෙම නම් කරනු ලැබුවේ අපේ රටේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් දුගී බව, දරිද්‍රතාවයෙන් පෙළෙන නිසයි. සුබසාධන රාජ්‍යයක් විදියට ගෙන එන ආර්ථික ප්‍රතිපත්ති වලදී ඒ පොදු මහජන සුබසාධන කටයුතුවලින් අපිට ඈත් වෙන්න පුළුවන්කමක් නැහැ. කොතරම් ආර්ථික අමාරුකම් තිබුණත් දුගී ජනයාගේ සුබසාධන කටයුතු සඳහා මගේ රජය ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්න කියා මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.


මෙහිදී මූලික වශයෙන්ම තිරසර සංවර්ධන අරමුණු ඉටුකරගැනීමට ඔබ මේ කරන වැඩසටහන තුළින් ඉතා සාර්ථක මඟපෙන්වීමක් සිදුකරයි කියලා මා සිතනවා. ඒ නිසා මෙහිදී අපට සහාය දෙන සියලුම මූල්‍ය ආයතනවලට හා ඔබට මාගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. අද මා මෙතැනට පැමිණ ඔබේ වැඩසටහනට එක්වූයේ මෙහි තිබෙන වැදගත්කම නිසයි. ඒ නිසා මා ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරමින් මාගේ විශේෂ ස්තූතිය ඔබ වෙත පිරිනමනවා.


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා-
තිරසර මූල්‍ය පිළිබඳ මේ රට පවත්වන පළමු වැඩ මුළුව මෙයයි. ශ්‍රී ලංකාව තුළ තිරසර මූල්‍ය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. එහි ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ එකඟත්වය ගොඩනැඟීම සහ දැනුම්වත්භාවය දියුණු කිරීම අපේක්ෂා කරනවා.


ඒ අනුව මෙරට ආර්ථිකය තිරසාරව වර්ධනය කිරීමට දායකවීමට මූල්‍ය අංශයේ දැනුවත්භාවය සහ බලාත්මකවීම සඳහා ප්‍රධාන නියාමන ආයතන සහ මුල්‍ය ආයතන විසින් සාමූහිකව ගනු ලබන ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම පිළිබඳව දැනුම් හුවමාරු කිරීමේ සැසිවාරයක් මෙහිදී පැවැත්වෙනවා.


මෙම වැඩමුළුවේ ප්‍රධාන පරමාර්ථය තිරසර මූල්‍යකරණය සඳහා වන ඉදිරි දැක්ම සැකසීම සඳහා තිරසර මූල්‍ය පිළිබඳ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමයි.


මෙහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමනාකාරිනී අමීනා අරීෆ් මහත්මිය ද අදහස් දැක්වූවාය.


ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සමායතනය සහ තිරසර බැංකු ජාලය සමඟ ඒකාබද්ධව මෙම එක්දින වැඩමුළුව සංවිධානය කර තිබිණි.



අදහස් (1)

ආර්ථික අභියෝග මැද්දේත් දිළිඳු ජනතාවගේ සුබසාධනයට රජය මුල්තැනදී තිබෙනවා

hewawitharana Monday, 06 March 2017 01:49 AM

ජනපතිතුමා දැන් නම් සුබවාදී අදහස් දක්වන බවක් පෙන්නුම් කරනවා

:       38       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 377 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site