(බිඟුන් මේනක ගමගේ)
ලංකාවේ බොහෝ හෝටලවල කුස්සි දුටුවහොත් මිනිසුන් ඒවායෙන් කෑම කන්නේ නැතැයි ද ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුතු ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීම අද වනවිට මනුෂ්‍යත්වය පිළිබඳ දක්වා වර්ධනය වී ඇතැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ, නෙළුම්පොකුණ රඟහල් ශ‍්‍රවණාගාරයේදී පෙරේදා (15) පැවැසීය.

මිනිසුන් පරිභෝජනය කරන භාණ්ඩවල ප‍්‍රමිතිය හා ගුණාත්මකභාවය රටක සංවර්ධනය මනින මිණුම් දණ්ඩක් යැයි කී ජනාධිපතිවරයා ඒ කෙරෙහි අවධානය යොමුකිරීම නිෂ්පාදකයාගේ පාරිභෝගිකයාගේ පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් යැයි ද කීය.
පාරිභෝගික කටයුතු ඩිජිටල් යුගයකට අවතීර්ණ වුවද මිනිසුන් අතර සිටින නොමිනිසුන් එම තාක්ෂණය සමාජ පරිහානියට යොදාගනිමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස පළ කළේ ජගත් පාරිභෝගික දිනය නිමිත්තෙන් කොළඹ 7, නෙළුම්පොකුණ රඟහල් ශ‍්‍රවණාගාරයේ පැවැති පාරිභෝගික සේවා සඳහා සමාජ ජාල හඳුන්වා දීමේ උළෙලට සහභාගි වෙමිනි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංවිධානය කළ මෙම උළෙලේදී පාරිභෝගික සේවා සඳහා සමාජ ජාල හඳුන්වා දීමේ අරමුණෙන් පැවැත් වූ වීඩියෝ තරඟාවලියේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
වීඩියෝ තරගාවලියේ පළමු ස්ථානය දිනාගත් සංජීව දේවප‍්‍රිය සමරකෝන්, දෙවැනි ස්ථානය දිනාගත් විධුරංගන නිශ්ශංක, තෙවැනි ස්ථානය දිනාගත් මධුරංග ප‍්‍රභාෂ්වර හා කුසලතා මට්ටමින් අදීෂ වීරසුන්දර යන මහත්වරුන්ට එම ත්‍යාග හා සහතික ප‍්‍රදානය කෙරිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා උළෙලේ පිළිගැනීමේ කතාව කළ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය.
ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරමින් පාරිභෝගික අධිකාරිය මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ගැන මා ඉතා සතුටු වෙනවා. පාරිභෝගික අධිකාරිය වගේම වාණිජ කටයුතු, මුදල් හා සෞඛ්‍ය යන අමාත්‍යංශත් පාරිභෝගිකයා ගැන වගකීම් රාශියක් දරනවා. මා නම් සඳහන් නොකළ තවත් අමාත්‍යංශ රාශියක් මේ වගකීම් සමඟ බැඳෙනවා. භාණ්ඩයක ප‍්‍රමිතිය ගුණාත්මකභාවය පාරිභෝගිකයන්ට ඉතා වැදගත්. මේ සියල්ලේ අරමුණ වඩාත් නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමයි. රටක සංවර්ධනය මැනීමේ මිණුම් දණ්ඩෙහි ප‍්‍රධාන විෂයක් වන්නේ පරිභෝජනය කරන දේවල පිරිසුදුභාවය ගුණාත්මකභාවය හා ප‍්‍රමිතියයි. එහෙත් අපේ රටේ ආහාර හා භාණ්ඩ වෙළෙඳපොළ ගැන කතා කළොත් නිෂ්පාදකයා කොතෙක් දුරට තම වගකීම් ඉටුකරනවාද යන ප‍්‍රශ්නය තිබෙනවා.
අපේ වෙළෙඳපොළ තත්ත්වය කුමක්ද කියලා අද වනවිට මේ රටේ සියලූම දෙනා දන්නවා. නමුත් සෑමවිටම නීතියෙන් හෝ ව්‍යවස්ථාපිත බලයෙන් රජයක් මේ දේවල් කළමනාකරණය කරනවාට වඩා පාරිභෝගිකයාට නිෂ්පාදන සපයන සියලූ දෙනාට ඒ හා බැඳුණු මානුෂික වගකීමක් තිබෙනවා. මනුෂ්‍යයකු හැටියට සිතා බලා මනුෂ්‍යත්වයට තැන දී කටයුතු කරනවා නම් මෙවැනි ප‍්‍රශ්න අවම කරගතහැකියි. පාරිභෝගිකයකු සෑමවිටම ව්‍යාපාරිකයකු නොවුණත් ව්‍යාපාරිකයකු සැමවිටම පාරිභෝගිකයකු වන බව අමතක කරන්නෙපා යැයි පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමා තම කතාවෙදි කිව්වා. එය ඉතාම නිවැරැුදියි.
කොළඹ නගරයේ සිට ලංකාවේ සෙසු නගර ගම් දක්වා බොහෝ හෝටල් සහ ආපනශාලාවල කුස්සිය පැත්තට ගියොත් බොහෝ දෙනෙකුට ඒවා කන්න හිතෙන්නේ නෑ. පාරිභෝගික අධිකාරිය කරන වැටලීම්වලදි මේ යථාර්ථය අපි නිතර දකිනවා. පහුගිය අවුරුද්දේ කළ එවැනි වැටලීීමකදී රොටි හදන මනුස්සයා රොටි ගොඩක් එයාගෙ ඔළුවේ තියාගෙන කුස්සියේ නිදිලූ. හොඳ රස රොටි කියලා අපි කන්නේ මේ කෑමයි. මෙහෙම වෙද්දී මේ රටේ මිනිස්සු ඉතුරු වෙන එක ලොකු දෙයක්. පාරිභෝගික භාණ්ඩ පිළිබඳ ප‍්‍රශ්නය අද වනවිට මුළු ලෝකයටම පොදුයි. ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනයක් වෙනම ප‍්‍රකාශයට පත්කරලා තිබෙන්නේ මෙවැනි ප‍්‍රශ්න සියලූ සමාජයන්හි තිබෙන නිසයි.

පාරිභෝගික කටයුතු සම්බන්ධ ප‍්‍රශ්නවලදී ආයතනික වශයෙන් කරන වැඩවලදී සීමිත නිලධාරින් පිරිසකට සියල්ල අධීක්ෂණය කරන්න බෑ. ඒ නිසා මනුෂ්‍යත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් මෙතැන තිබෙනවා. අද තාක්ෂණික ලෝකයේ පාරිභෝගිකයන් සිටිද්දී අපිට දියුණු ගතිගුණත් තිබිය යුතුයි. එහෙත් තාක්ෂණයෙන් වඩා අයහපත් දේ සිදුවීම කනගාටුදායකයි. පරිගණකය අන්තර්ජාලය බිහිකළ විද්‍යාඥයා මේ සියල්ල සැකැසුවේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙනුයි. එහෙත් මිනිසුන් අතර සිටින නොමිනිසුන් ආහාරවලට වගේම මුළු මහත් මිනිස් සමාජයේම පරිහානියට එය යොදාගනිමින් සිටිනවා. තාක්ෂණය සමඟ බැඳුණු පාරිභෝගිකයා, ව්‍යාපාරිකයා, නිෂ්පාදිකයා ඇතුළු පොදු ජනතාව මේ සියල්ල ගැන අවධානය යොමුකළ යුතුයි.
කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාද් බදියුදීන්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප‍්‍රනාන්දු, කර්මාන්ත හා වාණිජ රාජ්‍ය ඇමැති චම්පිකා පේ‍්‍රමදාස හා එම අමාත්‍යංශයේ ලේකම් චින්තක එස්. මුතුහෙට්ටි යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුස්සි අපිරිසිදුනම් වරද පාලකයන්ගේ. මෙසේ සිදුවන්නේ අදාළ නිලධාරීන් තම රාජකාරි පහර හරින නිසාය. මේවා පිස්සු කතා.
කතාව නම් දෝලාවෙන්. ගමන පයින් ....
කුස්සි විතරක් පිරිසිදු කරලා වැඩක් නැහැ. රටේ කෑම හදන අයගේ ඔලුත් පිරිසිදු කරන්න ඕන. මොකද මුදලට ගිජුව කෑමවල තත්වය දවසෙන් දවස බාලවෙනවා. දැනටමත් බාල පරම්පරාව අපේ ලාංකික කෑම හා රසය ගැන දන්නේ නැහැ. මොකද පරිප්පු වඩේ හා උළුඳු වඩේ වලට පරිප්පු හා උළුඳු දමන්නේ අපි මාළුවට උම්මලකඩ දානවා වගේ . අනිත් ඒවත් එහෙමයි. කාට කියන්නද මේ අවනඩුව
මේවා ගැන කිය කිය ඉන්නේ නැතුව ඔබතුමාලම නීති දාල ක්‍රියාත්මක කලානම් නේද හොඳ?.
හොරු සමග හොරු ඉතින් කාට කියන්නද මේ අව නඩු ?
ආනයන වලටත් ප්‍රමිතියක් තිබියයුතුයි මිරිස් වල ඇෆ්ලොටෝක්සින් සහල් වල විස රසායන කරවල වල හිස්ටමින් කිරි වල කිරි මේදය ගලවාගෙන කහ වල කර්කියුමින් ගලවාගෙන ගොරකාවල රසායන ගලවගෙන සෝයා කියන්නේ ජී එම් පුනනක්කු කල් ඉකුත් චොකලට්
හොඳ සින්දුවක් මතක් වුනා. ' බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් '
මුළු කොළඹ නගරයම අක්‍රීය වෙද්දී උද්ඝෝෂකයන්ට ගිය රටක අප ලබන යහපාලනයේ අරුත කුමක්දැයි යහපාලනය ගෙන ඒමට කැප වූ ජනයාට සිතේ
ඔබතුමා සෞඛ්‍ය ඇමති කාලේ ඕවා බලලා සුද්ද කළා නම් අද මේ වගේ වෙන්නේ නෑ.
කියන්න නම් අපටත් පුළුවන් ජනාධිපතිතුමෝ .. කියව කියව ඉන්නේ නැතුව වැඩක් කලොත් නේද හොද ???