IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී-රනිල් මහින්ද-චන්ද්‍රිකා රටින් ණය අරන් හරියාකාරව යෙදෙව්වේ නෑ

(මනෝජ් හර්ෂික)
රටේ වත්මන් සහ හිටපු නායකයින් ණය ලබාගෙන එම මුදල් ආදායම් ලැබෙන පරිදි යොදවා නොමැති බවට ඔවුන් පිළිගත යුතු යැයි සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පෙරේදා (02) කොළඹදී පැවැසීය.


රටට මෙවැනි ඉරණමක් අත් වී තිබෙන්නේ මෙම නායකයින්ගේ දුර්වලතාවයන් නිසා බවද ලාල්කාන්ත මහතා පැවසීය.


කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සමස්ත ලංකා සුවසේවා සංගමයේ 19 වැනි නියෝජිත සමුළුව අමතමින් ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය.


අද රටේ ජනතාව වැඩි දෙනෙක් පාරට බැස අරගල කරමින් සිටිනවා. හම්බන්තොටින් ආරම්භ කළ අරගලය අද වන විට මුළු රට පුරාම ව්‍යාප්ත වී හමාරයි. රජය කඳුළු ගෑස්, ජල ප්‍රහාර, පොලිස් ප්‍රහාර කොතෙකුත් දියත් කළත් ජනතාවගේ ධෛර්යය හා සටන්කාමී බව අඩු වී නැහැ.


මාලබේ හොර උපාධි කඩයට එරෙහිව දියත් කරන සටනට ලොකු කුඩා භේදයකින් තොරව සියලුම ජනයාගේ සහාය ලැබෙන බව හොඳින්ම පෙනෙනවා. මේ හොර උපාධි කඩය ඉදිරියට ගෙන යාමට එහි පාලකයන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.


පසුගිය දවසක සයිටම් ආයතනයේ ලොක්කෙක් ඔහුගේ වාහනයට වෙඩි තියා ගත්තා. ඉදිරියේදී ඔවුනට වෙන්නේ වාහනවලට වෙඩි තියාගන්න නෙවෙයි. ඔවුනට සිදුවන්නේ තමන්ගේම ඔළුවට වෙඩි තියාගන්නයි. ඒ දිනය වැඩ ඈතක නොවෙයි.


අපි ආණ්ඩුවට බලකර සිටිනවා මේ ප්‍රශ්නය ඉක්මනට විසඳන්න කියලා. මෙහි අවසානයක් තිබිය යුතුයි. සයිටම් ආයතනය අහෝසි කර එහි ඉගෙනුම ලබන දරුවන්ට ද සාධාරණයක් කළ යුතුයි.


මේ ළඟදි දවසක අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා රටේ තියන ඔක්කොම බැංකු ටික කැඩුවත් රටේ සල්ලි නැහැ කියලා. ඔහු සල්ලි යනුවෙන් අදහස් කළේ රුපියල් පිළිබඳව නොවේ, ඩොලර් පිළිබඳවයි. මීට කලින් කිසිම නායකයෙක් එහෙම කියලා නැහැ. ඔහුට අවශ්‍ය වී තියෙන්නේ රුපියල බාල්දු කර ඩොලර් රැස් කර ගැනීමටයි. ඒ නිසයි විදේශ ආයෝජකයින්ට රටේ සියලු දේවල් දීමට සැරසෙන්නේ.


රටේ සල්ලි නෑ කියන්නේ රට බංකොළොත් භාවයට පත්වෙලා කියන එකයි. මෙයට පිළියමක් ලෙස රටේ සම්පත් විකිණීමවත්, විදේශ ආයෝජකයින් ගෙනඒමවත් විසඳුමක් වෙන්නේ නැහැ. රටේ අවශ්‍යතාවන් සොයා ඒවා විසඳීමට කටයුතු කළ යුතුයි.


මෛත්‍රී, රනිල්, මහින්ද, චන්ද්‍රිකා රටේ නායකයින් ණය ලබාගෙන එම මුදල් නිසි ආකාරව ආදායම් ලැබෙන පරිදි යොදවා නොමැති බව ඔවුන් පිළිගත යුතුයි. මොවුන්ගේ දුර්වලතාවයන් නිසයි රටට මේ වැනි ඉරණමක් අත් වී තිබෙන්නේ.


අද ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවගේ  භාණ්ඩ මිලදී ගැනීමේ ශක්තිය අඩු කරවීමටයි. ඒ සඳහා ආණ්ඩුව අධික බදු, දඩ මුදල්, ගාස්තු වැඩි කරමින් ජනතාව පීඩනයට පත් කරමින් සිටිනවා.


ජනතාවට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එපා වීම සඳහා අවුරුදු 9ක් පමණ ගත වුණා. යුදමය හේතූන් නිසයි ජනතාව එම ආණ්ඩුවට කැමැත්තක් දක්වනු ලැබුයේ. යුද්ධය අවසන් වූවාට පසු ඔවුන් විසින් සිදුකළ පාලනයට ජනතාව කැමැත්තක් දැක්වූයේ නැහැ. දීර්ඝ කාලයක් රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුවට ද යාමට හැකි වුණේ නැහැ, ජනතාව එයත් මේ වන විට ප්‍රතික්ෂේප කර තිබෙනවා. 


එදා සුද්දා තුවක්කුව පාවිච්චි කරමින් රට ඇල්ලූ ආකාරයටම අද ඩොලර් පාවිච්චි කරමින් රට ඇල්ලීමට සැරසෙනවා. මේ වන විට රටේ ප්‍රධාන මර්මස්ථාන සියල්ල සුද්දාට පවරා දී හමාරයි.


සුද්දන් 1948 වර්ෂයට පෙර අපේ රට යටත් කරගෙන සිටියා. එදා සහ අද තිබෙන එකම වෙනස වන්නේ කළු සුද්දන් විසින් අද රට පාලනය කිරීමයි. එම කුමන්ත්‍රණකාරී පාලනයට එරෙහිව අපි නැඟී සිටිය යුතුයි යැයි ද ඒ මහතා කීවේය. 


එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරළේආරච්චි මහතා :-
වත්මන් ආණ්ඩුවට රටේ සම්පත් විකුණමින් ජනතාවට පීඩනය එල්ල කරමින් පාලන කටයුතු සිදුකරන ආකාරය හොඳින්ම පෙනෙන්නට තියෙනවා. පෞද්ගලික අංශයේ (ෑඔත්‍) ප්‍රශ්න, සයිටම්, ප්‍රශ්නය, සෞඛ්‍ය අංශයේ ගැටලු, මෑන් පවර් සේවකයින් ස්ථීර නොකිරීම යන විශාල ගැටලු ප්‍රමාණයකින් මුළු රටම ගිනියම් වී තිබෙනවා.


අපි මේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා ජනතාව සමඟ පාරට බැස සටන් කරනවා. හවුල් පාලනය එළවා දමා ජනතාවට හිතකර පාලනයක් ඇති කළ යුතුයි. ඒ සඳහා අපි දිගින් දිගටම සටන් කරනවා යැයිද ඔහු කීවේය.


මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් සෝමරත්න එදිරිසිංහ. උපසභාපති ජයලාල් දේවගේ යන මහත්වරු සහ සංගමයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ.



අදහස් (0)

මෛත්‍රී-රනිල් මහින්ද-චන්ද්‍රිකා රටින් ණය අරන් හරියාකාරව යෙදෙව්වේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 333 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16508 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site