IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් කරන්න හදනවා - හර්ෂණ රාජකරුණා

”රටේ ප‍්‍රශ්න විසඳීමට තිබෙන උත්තරීතරම ස්ථානයට පවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රශ්න ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් කිරීමට උත්සාහ ගන්නේ යයි’’ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා සිකුරාදා (10) කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.

”අධිකරණයකදී විනිශ්චයකාරවරයාට අවනත වන්නාක් මෙන් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට අවනතවීම පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය බව කී හෙතෙම, අද වනවිට ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය පවා අවුල් කරමින් මහජන වගකීම අත්හළ පිරිසක් බවට පත්ව ඇතැයි අවධාරණයෙන් ප‍්‍රකාශ කළේය.

”දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයාට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ තීන්දුව ගැනීමට කතානායකවරයා පියවර ගත්තේ ඉවසීමේ සීමාවේ කෙළවරට පැමිණ යයි ද, එය මීට පෙර ගත යුතුව තිබූ තීන්දුවක් යයි ද මන්තී‍්‍රවරයා පැවැසීය.

පිටකෝට්ටේ ”සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කීය.

”වීමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වෙන්න  ඕනෑ යයි මුලින් කීවා. එතකොට එජනිස ලේකම් මහින්ද අමරවීර මහතා ඊට ඉඩ දුන්නා. ඊට පසු ඒ පාරෙම යමින් ඒක පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් හැටියට පිළිගන්න යයි කතානායකතුමාගෙන් ඉල්ලූවා. කතානායකතුමා එය ප‍්‍රතික්ෂේප කළා. මොකද, ජානිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට තරග කළා මිස තනිව තරග කළේ නැහැ. මේ ඉල්ලීම පක්ෂ නායක රැස්වීමේදී ද ප‍්‍රතික්ෂේප කෙරුණා. මේ කරුණු හොඳින්ම දන්නා දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා කතානායක තීන්දුව අභියෝගයට ලක් කරමින් හැසිරුණු ආකාරය අප‍්‍රසන්නයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පෙරමුණත් හැරුණු විට මැතිවරණයේදී වෙනම තරග කළේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ඊ.පී.ඞී.පී. යන පක්ෂය පමණයි. එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් නායක හැටියට පත් කෙරුණේ නිමල් සිරිපාල ද සිල්වා මහතායි. එහි නියෝජ්‍ය නායකත්වයට දිනේෂ් ගුණවර්ධන මහතා පත් කෙරුණා.

විනය විරෝධි හැසිරීම නිසා දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව සතියකට තහනම් වූ පසුව ඒ තැනට ඩලස් අලහප්පෙරුම පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ ඉල්ලීම කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්ට මිස තමාට නොවන බව කතානායකවරයා කියද්දී ඩලස් කළේ ලොකු අඳෝනාවක් ඉදිරිපත් කිරීමයි.

ඇත්තටම මෙවැනි අවස්ථාවක ඩලස් අලහප්පෙරුම මහතා කළ යුතුව තිබුණේ කුමක්ද? ප‍්‍රශ්නය තමන්ගේ පක්ෂ නායකයා වූ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමයි. ඇතුලට යන්න බැරි නම් ජනපති මැඳුරේ එළියට වෙලා අඬ අඬා හරි කියන එකයි. පාර්ලිමේන්තුව තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රශ්න විසඳන්න නොවෙයි. රටේ ප‍්‍රශ්න විසඳන්නයි. ඩලස් අලහප්පෙරුමලා කතා කරද්දී නම් සියල්ල දත්! හැබැයි මේකවත් තේරෙන්නේ නැහැ. උසාවියේ විනිශ්චයකාරතුමා තීන්දුවක් දුන් විට එය හරි වුණත්, වැරැදි වුණත් අප පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ කතානායක තීන්දුවත් ඒ වගෙයි. කතානායක තීන්දුව නොපිළිගන්නවා නම් ඊළඟට කළ යුත්තේ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමයි.

ඒකාබද්ධ විපක්ෂය යහ පාලන ආණ්ඩුව පත් වූ දවසේ සිට පාර්ලිමේන්තුවේ පළමු පැය දෙක උදේ වරුවම භාවිත කළේ පාර්ලිමේන්තු කි‍්‍රයාදාමයට බාධා පමුණුවන්නයි. කතානායකතුමාට නොයෙක් ප‍්‍රශ්න මතුකරමින් සභාව ගෙන යෑමට බැරි තැනට පත් කළා. එක් අවස්ථාවක මට පහරදීමට උත්සාහ කළා. අපේ මන්තී‍්‍රවරයකුට පහර දුන්නා. මේ කටයුතු කළේ ඉතාම සැලසුම් සහගතව හා හිතාමතාමයි.

කතානායකතුමන් මේ තීන්දුව ගත යුතුව තිබුණේ මීට බොහෝ පෙර බව අපේ විශ්වාසයයි. එසේ වූවානම් ඒකාබද්ධ විපක්ෂය මේ තරම් පිස්සු නටන්නේ නැහැ. අපත් අවුරුදු විස්සක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටියා. අප කවදාවත් මෙහෙම හැසිරුණේ නැහැ. වැරැදිලාවත් එදා විපක්ෂයේ සිටිමින් අප මේ භූමිකාව රඟ දැක්වූවා නම් අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින පිරිස් එදා මොනවා නොකියාවිද?

දිනේෂ් ගුණවර්ධන කියන්නේ හොඳ දේශපාලන පසුබිමකින් යුත් පවුලකින් පැවත ආ මන්තී‍්‍රවරයකුටයි. හැබැයි මේ අවස්ථාවේ ඔහු හැසිරුණේ මොන්ටිසෝරි ළමයකු වගෙයි. කතානායකතුමා ඉදිරියේ මෙහෙම හැසිරෙනවා නම් ගමට ගියාම කොහොම හැසිරේවිද?

දිනේෂ් වෙනුවෙන් දැන් ඩලස් බොරුවට කෑ ගැහුවාට දිනේෂ් එළියට දාද්දී ඊට විරුද්ධව ඡුන්දය දෙන්නවත් ඩලස් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ.

අද වනවිට බන්දුල ගුණවර්ධන බොරුවේ උපත බවට පත්ව සිටිනවා. වරාය නගරය චීනයට සින්නක්කර දී නැතැයි මුලදී ඔහු කිව්වා. පසුව මාධ්‍යවේදියකුම ඊට අදාළ ගිවිසුම ගෙනැත් පෙන්නුවාම ඒක දැනගෙන හිටියේ නැහැ කිව්වා. ඊට කලින් 2,500කින් කන්න පුළුවන් කිව්වා.

ඊයේ - පෙරේදා බැඳුම්කර ජනපති කොමිසමටත් බොරු කියා සමාව අයැදින්නත් වුණා. බන්දුල ගුණවර්ධනලා හිතන්නේ ජනතාවට බොරු කියා හරි බලයට එන්න හැකියි කියලයි.

මා උසස් පෙළට ටියුෂන් ගියේ බන්දුල ගුණවර්ධන මහතා ළඟටයි. එහෙත් මා අපේක්ෂා කළ සාමාර්ථය ලබා ගැනීමට මට නොහැකි වුණා. මට එහෙම වුණේ එදත් අද වගේම අපට බොරු උගැන්නුව නිසා දැයි අද මට හිතෙනවා.

බැඳුම්කර ප‍්‍රශ්නය ආන්දෝලනාත්මක කරුණක් බව රටම දන්නවා. සියලූ දෙනාගේ ඉල්ලීම පිට ජනාධිපතිවරයා කොමිසම පත් කළේ ඒ නිසයි. හැබැයි බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය ඉදිරියට ඇවිත් මහ බැංකුවේ මහ දවාලේ වෙච්ච මහ කොල්ලය යයි කියලා කෑ ගහද්දී මිනිසුන්ට වුණත් හිතෙන්නේ ටී පනස් හය අරගෙන කණ්ඩායමක් පැනලා කළුතරදී සමයං මැරුවා වගේ ඔපරේෂන් එකක් දීලා කියලයි.

බන්දුලට දැන් හැට පැනලා. ඒ නිසා එක්ස්පයර් වෙන්න ළඟයි. මෙච්චර පරණ මනුස්සයකු අවසාන කාලයේ දේශපාලන  අන්දරේ කෙනෙකුවීම ගැන ගෝලයකු හැටියට මටත් දුකයි. මොවුන් බොරු පිට බොරු කියමින් සියලූ ආකාරයෙන් උත්සාහ කරන්නේ යහ පාලන ආණ්ඩුව ගත් ජයග‍්‍රහණ ආපිට හරවන්නයි. කිසි දේකින් යහ පාලනය ආපස්සට හැරවෙන්නේ නැති බව පැහැදිලිවම කිව යුතුයි.’’

ගම්පහ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ කීය.

‘‘ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු කි‍්‍රයාදාමය අවුල් කරන්න කටයුතු කරන්නේ දැන් කාලයක සිටයි. දිනේෂ් ගුණවර්ධන මහතා අර තරම් කලබලයෙන් කෝප වෙලා කෑ ගැහුවේ හිරේ වැටුණු වීරවංශගේ පක්ෂය වෙනම පක්ෂයක් කරන්න කියලයි. මේක ජාතික ප‍්‍රශ්නයක්ද?

අනෙක් අතට එයට විසඳුමක් දීමට සාධාරණ කාලයක් දෙන්න හදද්දී කරු ජයසූරිය මැතිතුමාට වාග් ප‍්‍රහාර එල්ල කර කතානායක තීන්දුව අභියෝගයට ලක් කළා. එපමණක් ද නොවෙයි. සභා ගැබෙන් ඉවත් වන්න නියෝග කළ පසුත් ඊට අවනත නොවී නොනැගිට සිටියා. මේ හැසිරීම දකිද්දී නවක මන්ත‍්‍රීවරුන් හැටියට අපට ලැජ්ජයි. ජ්‍යෙෂ්ඨයන් මෙහෙම හැසිරෙද්දී  අපට ගම්වලට යන්න ලැජ්ජයි.

ඒකාබද්ධ විපක්ෂය නටන නාඩගමේ ප‍්‍රධාන චරිතය බවට අද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පත්ව සිටිනවා. ආර්ථික විද්‍යාඥයකු හැටියට පෙනී සිටිමින් කිසි කෙනකුට නොතේරෙන අමුතුම වචන කියමින් ටොම් පච වැපිරීම අද ඔහුගේ කාර්ය භාරය බවට පත්වෙලා.

70 දශකයේදී ටොම් පචයා චිත‍්‍රපටයේ විමල් කුමාර ද කොස්තා මහතා රඟපෑවාට වඩා හොඳට අද ඒ චරිතය බන්දුල ගුණවර්ධන කරනවා. හැබැයි අන්තිමේදී බැඳුම්කර ජනපති කොමිසමටත් ටොම් පච කියලා මාට්ටු වෙලා සමාව ගන්නත් ඔහුට සිදු වුණා.

පාර්ලිමේන්තුවේ ප‍්‍රවෘත්ති සාකච්ඡුා පැවැත්වීමට කමිටු ශාලාවක් ගත හැක්කේ කැබිනට් ඇමැතිවරයකුට හෝ පක්ෂ නායකයකුට හෝ පමණයි. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා ලැබුණේ දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජ්‍ය නායකයකු නිසයි. එහෙත් දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තුව තහනම් වූ විට මන්ත‍්‍රීවරුන්ට කමිටු ශාලා වෙන් කරන්න බැහැ.

ආණ්ඩු පක්ෂයේ වුණත් අප පවා ඒ සම්ප‍්‍රදායට යටත් වෙනවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය තමන්ට සුපුරුදු ගොබෙල්ස් න්‍යායෙන් පෙරේදා කළේ කුමක්ද? පාර්ලිමේන්තුවේ තමන්ට දේශපාලන  නිදහස නැතැයි කියා පෙන්වීමට පාර්ලිමේන්තු රථ ගාලෙත් ප‍්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමයි. හොඳ වෙලාවට ඒ අවස්ථාවේ වැස්සේ නැහැ. නැතිනම් මේ කරන බොරුවට හෙණ ගහනවා.

මගේ පාලනය කාලයේදී වෙඩි හඩ ඇසුණේ උතුරේ පමණක් යයි ද අද දකුණෙත් වෙඩි හඬ ඇසෙනවා යයි ද මහින්ද රාජපක්ෂ පවසා තිබුණා. හැබැයි මේ කතා පිළිගන්න රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැති බව එතුමා දැනගන්න  ඕනෑ.

ඇත්ත ලියපු මාධ්‍යවේදීන්ට රාජපක්ෂ ආණ්ඩුවෙන් සලකපු හැටි, ආණ්ඩු විරෝධී මතය දරපු දේශපාලන ක‍්‍රියාධරයන්ට එක්සත් ජාතික පාක්ෂිකයන්ට සලකපු හැටි රටම දන්නවා. ආරක්ෂක අංශවල අහිංසක මිනිසුනුත් යොදාගෙන ඒ කාලේ රාජ්‍ය ත‍්‍රස්තවාදයක් ගෙනගිය හැටි වසර දෙකකින් අමතක වෙන්නේ නැහැ. එතුමාට එහෙම වීමට නම් අමතක වීමේ රෝග තත්ත්වයක්ම වෙන්න  ඕනෑ.

මාධ්‍ය හමුව අවසානයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා එවාට දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය: රට පාලනය කරන්නේ ජනපතිවත් අගමැතිවත් නොවන බවටත් බුද්ධි අංශ විනාශ කරන බවටත් අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා. රතන හිමියන් කියන්නේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරයකුටයි. උන් වහන්සේ නගන චෝදනා ඒකාබද්ධ විපක්ෂයේ කතා මෙන් බැහැර කළ හැකිද?

පිළිතුර: රතන හිමියන්ට පෞද්ගලික මතයක් තිබෙනවා. එය කණ්ඩායම් රැස්වීම්වලදීත් ඉදිරිපත් කරනවා. අපට ඒ ගැන ගැටලූවක් නැහැ. රාජපක්ෂ පාලන කාලයේදී උන්වහන්සේට මෙවැනි ප‍්‍රකාශ කිරීමට ඉඩලැබුණේ නැහැ. අද උන්වහන්සේත්  ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස භුක්ති විඳිනවා. බුද්ධි අංශ විනාශ කරන බවට නගන චෝදනා අප කිසිසේත් පිළිගන්නේ නැහැ. වෙනම මතයක් දැරීමට උන්වහන්සේට ඇති අයිතිය නම් අප පිළිගන්නවා.

ප‍්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂය මේ තරම් දුරට පාර්ලිමේන්තුවේ කටයුතුවලට බලපෑම් කරන තැනට ආවේ කතානායකතුමන් අසීමිතව ඉවසීම නිසා නොවේද?

පිළිතුර: කතානායකතුමා ඉතාම නිවුණු චරිතයක් හිමි පුද්ගලයෙක් වනවා. ඒ නිසා එතුමා නොසෑහෙන්න ඉවසුවා. සමහර රටවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එළියට දාන්නේ පොලිසියෙන් ඇවිල්ලා කොලර් එකෙන් අල්ලලායි. මේ විදියට ගියොත් අපේ රටෙත් එහෙම වේවිදැයි අප දන්නේ නැහැ. කොහොම වුණත් කතානායකතුමාට මේ දේ කරන්න තිබුණේ මීට පෙර යයි අපිත් හිතනවා.’



අදහස් (1)

පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් කරන්න හදනවා - හර්ෂණ රාජකරුණා

siri Tuesday, 14 March 2017 03:15 AM

මෙයා අඩු නින්දෙන් ඇහැරිලා වගෙයි.පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් කරගෙන තියෙන්නේ මේ ගොල්ලොමනේ.හැමදාම අපට හිනා නොයන විහිලු සපයනවා.තමුන්ගේ නායකයා මන්ත්රීලට කතා කරන්නේ සතුන්ගේ නම් වලින්.ඉතින් කවුද නාඩගම් නටන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 333 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16508 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site