IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


හැම පැත්තෙන්ම ඇහෙන්නේ දුක් අඳෝනා

(ඉංගිරිය නිමාලි කහවල)

‘‘අද හැම පැත්තෙන්ම ඇහෙන්නේ දුක් අදෝනා. ගොවි ජනතාව විඳින දුක වචනවලින් කියලා නිමකරන්න බැහැ. ගෝවා ගෝනියක්  වික්කත් හාල් කිලෝවක් ගන්න බැරි බව උඩරට එළවළු ගොවියන් මා සමග කීවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

බුලත්සිංහල බෝතලේගම ශ්‍රී ඛෙත්තාරාමාධිපති පස්යොදුන් හේවාගම් දෙකෝරළයන්හි ප්‍රධාන සංඝනායක බෝතලේ ඤාණිස්සර හිමියන්ගේ ඡුන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහා බෝතලේගම ශ්‍රි ඛෙත්තාරාමයේ ඉකුත්දා පැවති ආගමික උත්සවයට එක්වෙමින් රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය.

පස්යොදුන් කෝරළයේ සංඝනායක යටගම්පිටියේ ඤාණාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

 ‘‘එදා රට පුරා තිබූ සංවර්ධන කටයුතු දැන් නතරවෙලා. ජනාධිපති ඡන්දෙ තිබුණු ජනවාරි 8 වැනිදාට පසුදින 9.x10 දිනවල පාරවල් හදන්න මිශ්‍ර කරපු සිමෙන්ති කොන්ක්‍රීට් ගොඩවල් ගල්වෙච්ච තැන්වල තාමත් තියෙනවා. අපි තීන්දු කර තිබුණු පාරවල් වෙනස් කරලා ඒ ගොල්ලන්ට අවශ්‍ය තැන්වල පාරවල් හදන්න ගිය නිසා ආසියානු සංවර්ධන බැංකු ආධාර  නතර වුණා. ඈගල්ඔයේ සිට ඉංගිරියට හදන්න හිටපු පුළුල් මාර්ගයේත් වැඩ ඇනහිටියා.

 අද ඩොලරය නඟිනවා. රුපියල බහිනවා. අපේ කාලේ අවුරුදු 10ක් තුළ රුපියල් 101 සිට 130 අතර තිබුණු ඩොලරය දැන් 150ත් පැනලා. වැඩිහිටි දීමනාවෙන් පින් පඩියෙන් පවා අද කොල්ලකනවා.

රටේ දේපළ විකිණෙනවා. රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක්වත් අවශ්‍යයි. අපි මත්තල හැදුවෙ ඒ නිසයි. ඒකේ වී ගබඩා කරපු ආණ්ඩුවට දැන් සිදුවුණා. කටුනායක ප්‍රතිසංස්කරණය කරනකොට මත්තල ප්‍රයෝජනයට ගන්න. මත්තල නොතිබුණා නම් ගුවන් යානා නතර කරන්න වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි වල’’

‘‘මෙහෙම ගිහින් අපිට අනාගතයේ රටක් නැතිවෙනවා. වරාය, ගුවන් තොටුපොළ, තෙල් පිරිපහදු ජල සම්පාදන මේ සේරම විකුණන්න දැන් ආණ්ඩුව ලෑස්තියි. මෙහෙම ගියොත් අනාගත පරපුරට මොනවද ඉතුරු වෙන්නේ.

 2015  ජනවාරි 09 වැනිදා ඉඳලා මම ජනාධිපති පුටුවේ නැහැ. අලූත් කෙනෙක් ආවා. ඒ වුණාට ඊට පස්සෙත් මේ ගොල්ලෝ ණය අරන් තියෙන්නේ මගේ නම පාවිච්චි කරලා ඒක හෙළිවුණේ ජනාධිපති කොමිසමේදි 2015දී බැරිවුණා නම් මේ අයට 2016 ගැසට් එකෙන්වත් ඒක නිවැරදි කරගන්න තිබුණා.’’

‘‘අද වෙනදාට වඩා දරුවන් ගැන මව්පියන් වැඩි අවධානය යොමුකළ යුතුයි. දරුවන් පන්සලට දහම් පාසලට යොමුකර සාරධර්ම වලින් සපිරි දරු පරපුරක් බිහිකළ යුතුයි.

උත්සව සභාව පිළිගැනීම සහ උත්සවයේ අරමුණ පැහැදිලි කරමින් පස්දුන් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බෝතලේ ඤාණිස්සර නාහිමියන් අනුශාසනාවක් කළ අතර පස්දුන් රට ප්‍රධාන සංඝනායක යටගම්පිටියේ ඤාණාලෝක නාහිමියෝද විශේෂ අනුශාසනාවක් පැවැත්වූහ. බෝතලේ ඛෙත්තාරාමයේ නව දම්සභා මණ්ඩපය විවෘත කිරීමද හිටපු ජනාධිපතිවරයා අතින් සිදුවිය.

හිටපු අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැසක්ද විහාරස්ථාන රැසක් මහා සඟරුවනද. ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

හැම පැත්තෙන්ම ඇහෙන්නේ දුක් අඳෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 333 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16508 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site